ඉග්නිෂන් සිස්ටම් එක ගැන ඉගෙනගනිමු – මෙකැනිකල් ස්විචින්ග්

ඉග්නිෂන් සිස්ටම් එකෙන් මොකක්ද වෙන්නේ කියන එක ගැන අපි කලින් පිටුවේ ඉගෙන ගත්තා ඔබට මතක ඇති…… අමතක වෙලානම් ක්ලික් කරලා බලන්න

ඔබට මතක ඇති අපි කිව්වා ඉග්නිෂන් සිස්ටම් එකේ තියෙනවා කියලා බැටරිය, ස්පාර්ක් ප්ලග්, ඩිස්ට්‍රිබියුටර් එක, කොයිල් පැක් එක සහ ECU එක… එක එක වාහනවල තියෙන ටෙක්නොලොජි එක අනුව ඒ ඒ වාහනවල ඉහත කිව්ව ඇතැම් අංග ඉවත් වෙනවා.. අපි අද කතාකරන්න යන්නේ මේ විදියේ ඉග්නිෂන් සිස්ටම් වලින් පලවෙනි වර්ගය ගැන… ඒ තමයි මෙකැනිකල් ස්විචින්ග් තියෙන වාහනේක ඉග්නිෂන් සිස්ටම් එක කොහොමද තියෙන්න කියන එක…

 

මෙකැනිකල් ස්විචින්ග් තියෙන වාහන – ඉග්නිෂන් සිස්ටම් එක

මේ වාහනවල ඉග්නිෂන් සිස්ටම් එක වෙන්නේ ස්පාර්ක් ප්ලග් හතර සහ ඩිස්ට්‍රිබියුටර් එක. පහත රූපය බලන්න…

ඩිස්ට්‍රිබියුටර් එක ඇතුලේ තියෙන්නේ අර ඉහත කිව්ව කොයිල් දෙකයි ඊට අමතරව බැටරියෙන් එන 12V සප්ලයි එක ON OFF කරන ස්විච් එකයි.. හැබැයි තව වැදගත් දෙයක් තියෙනවා… ඒ දේ තමයි ඔය හදන අධික වෝල්ටීයතාවය ඒ ඒ ස්පාර්ක් ප්ලග් එකට යවන කොටස.. එක ඇතුලේ තියෙන්නේ රෝටරියක් එහෙමත් නැතිනම් කරකැවෙන එකක්.. ඒක කරකැවීමෙන් තමයි අර අධික වෝල්ටීයතාවය ඒ ඒ ස්පාර්ක් ප්ලග් එකට ලබාදෙන්නේ…රොටරිය කරකැවෙනකොට එක වටා තියෙනවා ස්පාර්ක් ප්ලග් හතරේ අග්‍ර හතර… පල්ලෙහා පින්තුරු වලින් පෙන්න්වන්නේ ඩිස්ට්‍රිබියුටර් එක, ඒ ඩිස්ට්‍රිබියුටර් එක ඇතුලේ රතු පාටට රොටරිය තියෙන හැටි, හා එකටත් 12V සප්ලයි එක ON, OFF කරවන ස්විච් එක තියෙන හැටි…

ඩිස්ට්‍රිබියුටර් එක
ඩිස්ට්‍රිබියුටර් එක ඇතුලේ රොටරිය තියෙන හැටි
12V සප්ලයි එක ON, OFF කරවන ස්විච් එක

පහත රූපයේ තියෙන්නේ ඩිස්ට්‍රිබියුටර් එකේ ඇතුල…. එතකොට ඔබට තේරෙනවා ඇති ඩිස්ට්‍රිබියුටර් එක හරි හතරෙන් එකක් කපලා ඉවත් කරලා කියල… ඒ නිසා ඔය පින්තූරේ තියෙන්නේ ස්පාර්ක් ප්ලග් එකට සම්බන්ධ වෙන කනෙක්ටර් හතරෙන් තුනයි… ඩිස්ට්‍රිබියුටර් එකේ ඇතුලේ තියෙන දේවල් ඔබට පේනවා ඇති …. ඔතන අර ප්‍රයිමරි කොයිල් එකට 12V සප්ලයි එක ON OFF කරවන ස්විච් එක පේන්නේ නැහැ.. ඒක තියෙන්නේ ඕකෙ යට… ඊළඟ රූපෙන් පෙන්නන්නේ ඔන්න ඔය යට තියෙන ස්විච් එක කොහොමද වැඩ කරන්නේ කියලා.. එතකොට ඔබට තේරෙනවා ඇති ඔය කිව්වා කැම් ලෝබ් එක කරකැවෙන්නේ අර ඉහත කිව්ව රෝටරියේ අක්ෂයේම බව…

එතකොට අර ON OFF කරන එකත් ඔය රොටරිය මොකක්හරි ස්පාර්ක් ප්ලග් එකක අග්‍රයේ වදිනකොට තමයි වෙන්න ඕන.. ඒ නිසා ඔය ස්විච් එකත් රොටරිය කරකැවෙන එකෙන්ම තමයි ON OFF වෙන්නේ… පහත රූපය බලන්නකෝ තේරෙන්නේ එතකොට… ඕකේ ස්විච් එක කියල ලියල තියෙන්නේ 12V සප්ලයි එක ON, OFF කරන ස්විච් එක…

දැන් ඔබට තේරෙන්න ඕන අර රොටරිය ස්පාර්ක් ප්ලග් අග්‍රයක වදින තැනකදී තමයි අර ස්විච් එකත් ON OFF වෙන්නේ… ඒ ස්විච් එක ON OFF කරවන කොටු හැඩති කරකැවෙන අක්ෂයට අපි කියන්නේ කැම් ලෝබ් කියලා…

ඊළඟ ලිපියෙන් කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික් ස්විචින්ග් හා ESA තියෙන වාහන වල ඉග්නිෂන් සිස්ටම් එක ගැන… මෙතනින් බලන්න පුළුවන්…