ඉග්නිෂන් සිස්ටම් එක ගැන ඉගෙනගනිමු – ඉලෙක්ට්‍රොනික් ස්විචින්ග් හා ESA

කලින් පිටුවලදී අපි ඉග්නිෂන් සිස්ටම් එකෙන් වාහනයට මොකක්ද වෙන්නේ? ඉග්නිෂන් සිස්ටම් එකේ තියෙන විවිධ ටෙක්නොලොජි මොනවාද? ඉග්නිෂන් සිස්ටම් එකේ තියෙන්නේ මොනවාද? කියන දේවල් ගැන කතා කළා ඔබට මතක ඇති….

අද අපි ඉගෙන ගන්න යන්නේ ඉග්නිෂන් සිස්ටම් එකේ තවත් ටෙක්නොලොජි එකක් ගැන…

මේ ටෙක්නොලොජි එක “ඉග්නිෂන් සිස්ටම් එක ගැන ඉගෙනගනිමු – මෙකැනිකල් ස්විචින්ග්” පිටුවේ අපි ඉගෙනගත්ත යාන්ත්‍රික ටෙක්නොලොජි එක වගේම තමයි…. අපි ඉගෙන ගත්ත සාමාන්‍ය ක්‍රමයේ ON OFF යාන්ත්‍රික ස්විච් එක වෙනුවට මෙහිදී භාවිතා වෙන්නේ ඉග්නයිටර් එකක්…

දැන් එකපාරට ඉග්නයිටර් එකක් කිව්වම කට්ටිය බලනවා ඇති මොකද්ද මේ අමුතු භාණ්ඩේ කියල… ඉතාම සරලව කිව්වොත් ඉග්නයිටර් එකක් කියන්නේ ඉලෙක්ට්‍රොනික් ස්විච් එකක් කියල හිතා ගන්නකො… මෙකැනිකල් ස්විච් එකකට වඩා ඔහොම කරන්ට් එකෙන් වැඩ කරන ස්විච් ඉතාම වේගයෙන් ON, OFF කරන්න පුළුවන්… ඒ වගේම අපිට ඕන හරිම වෙලාවට ON, OFF කරන්න පුළුවන්… ඒ වගේම මෙකැනිකල් ස්විච් එකක වගේ හෙලවෙන ගෙවිලා යන කොටස් මේ ඉග්නයිටර් වල නැහැ…
ඉග්නයිටර් එකක් ඇතුලේ මුලිකවම තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එකක්… ට්‍රාන්සිස්ටර් එකක් ස්විච් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් බව ඕලෙවල් විද්‍යාවට ඉගැන්නුවා ඔයාලට මතක ඇති…

මේ සිස්ටම් එකේදී ඔන්න ඔය ඉග්නයිටර් එක ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර් එකට පිටින් වෝල්ටේජ් එකක් දෙනවා… එහෙම දීල ඒ වෝල්ටේජ් එක අඩු වැඩි කිරීම මගින් ට්‍රාන්සිස්ටර් එක ON, OFF කිරිල්ලක් සිද්ද වෙනවා… ඔය ඉග්නයිටර් එක කෙලින්ම සම්බන්ධ කරලා තියෙන්නේ ප්‍රයිමරි කොයිල් එක හා බැටරි එක අතරටයි… ඉතින් ඉග්නයිටර් එකේ ට්‍රාන්සිස්ටර් එක ON, OFF වීම නිසා ප්‍රයිමරි කොයිල් එකට දීල තියෙන 12V සප්ලයි එක ON, OFF වෙනවා….

දැන් ඔය ට්‍රාන්සිස්ටර් එක ON, OFF කරන්න පිටින් වෝල්ටේජ් එකක් දෙන්න එපැයි… කොහොමද මේ වෝල්ටේජ් එක ඉග්නයිටර් එකට ලබා දෙන්නේ…?

මේ වැඩේට පාවිච්චි කරන උපාංගයට කියන්නේ “සිග්නල් ජෙනරේටර්” එක කියලා…. සිග්නල් ජෙනරේටර් එක ඇතුලේ තියෙනවා කරකැවෙන රෝදයක්… මේ රෝදෙට කියන්නේ “සිග්නල් රොටර්” කියල… මේ සිග්නල් රොටර් එකේ කට්ට හතරකුත් තියෙනවා… තව ප්‍රබල ස්ථාවර චුම්බකයකුත් මේ සිග්නල් ජෙනරේටර් එක ඇතුලෙම තියෙනවා… ඊට අමතරව අර කැරකෙන රෝදයට පැත්තෙන් කොයිල් එකකුත් තියෙනවා… ඔය කොයිල් එකට කියන්නේ පිකප් කොයිල් ( Pick up Coil) කියලා… පහල රූපේ ඔය සිග්නල් ජෙනරේටර් එකේ ඇතුලේ දල සටහනක් බලාගන්න පුළුවන්…

 

මේ තියෙන්නේ ඔය සිග්නල් ජෙනරේටර් එකේ ඇත්ත පින්තුරයක්… බලන්න සිග්නල් රොටර් එකයි, ස්ථාවර චුම්බකයයි, පික්-අප් කොයිල් එකයි පෙන්නලා තියෙන හැටි…

දැන් කොහොමද මේක වැඩ කරන්නේ… මුලින්ම අර රොටර් ටූත් එක කරකැවෙන්න පටන් ගන්නවා… ඕක කැරකෙන්නේ ප්‍රබල චුම්බකයක් ගාවනේ… චුම්බකයක් ගාව යකඩෙන් හදපු රොටර් ටූත් එක කැරකෙද්දී චුම්බකයේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙන්න පටන් ගන්නවා… රොටර් ටූත් එකේ කට්ට හතරක් තිබ්බ කියල ඔයාලට මතකයි නේ… ඔන්න ඔය කට්ට චුම්බකයට ලං වෙද්දී හා ඈත් වෙද්දී චුම්බක ක්ෂේත්‍රය අඩු වැඩි වෙන එක තමයි සිද්ද වෙන්නේ… ඕක හරියටම වෙන හැටි දැනගන්න නම් ඉලෙක්ට්‍රොමග්නටිසම් ගැන ලියවෙච්ච හොඳ පොතක් අරගෙන බලන්න… කොහොමහරි අන්තිමට සිද්ද වෙන්නේ රොටර් ටූත් එක කරකෙද්දී සිග්නල් ජෙනරේටර් එක ඇතුලේ චුම්බක ක්ෂේත්‍රය අඩු වැඩි වෙන එක විතරයි…

ඉතින් ඔහොම අඩු වැඩි වෙන චුම්බක ක්ෂේත්‍රයක් කොයිල් එකක් තිබ්බොත් මොකද වෙන්නේ… ඕලෙවල් විද්‍යාව කරපු ඔයාල දන්නවා වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක තියෙන යකඩයක කරන්ට් එක යන්න ගන්නවා කියල… නැත්තන් වෝල්ටීයතාවයක් හැදෙනවා කියල… ඉතින් ඒ වගේම මේ පික් – අප් කොයිල් එකෙත් චුම්බක ක්ෂේත්‍රයට අනුරූපව අඩු වැඩි වෙන වෝල්ටීයතාවයක් හැදෙනවා… ඔය වෝල්ටීයතාවය අඩු වෙනකොට ට්‍රාන්සිස්ටර් එක ඕෆ් වෙනවා, වැඩි වෙනකොට ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙනවා… ඉතින් එතකොට ඔය ට්‍රාන්සිස්ටර් එක ON, OFF වීම නිසා ප්‍රයිමරි කොයිල් එකට දීල තියෙන 12V සප්ලයි එක ON, OFF වෙනවා….

දැන් ඉතිරි ටික… ඒ කියන්නේ සෙකන්ඩරි කොයිල් එකේ ඉඳලා ස්පාර්ක් ප්ලග් වලට යන අධික වෝල්ටීයතාවය ඇතිවෙන විදිය අර කලින් ඉග්නිෂන් සිස්ටම් ඉගෙන ගනිමු 2 පිටුවේ තිබුන මූලික ක්‍රමය වගේම තමයි….

තවත් ටෙක්නොලොජි එකක් තමයි ECU එක සම්බන්ධ ඉග්නිෂන් සිස්ටම් ටෙක්නොලොජි එක… ඉන් එක ටෙක්නොලොජි එකක් අපි දැන් කතා කරපු එකට වඩා පොඩි වෙනසයි තියෙන්නේ… ඒ ක්‍රමයේ තියෙන දේවල් තමයි පහත රූපයේ පෙන්නලා තියෙන්නේ… මේ ක්‍රමයට අපි කියනවා අලුත් වචනයක් ඒ තමයි ඉලෙක්ට්‍රොනික් ස්පාර්ක් ඇඩ්වාන්ස් (Electronic Spark Advance)  කියල කෙටි යෙදුම ESA…

 

මේකේ ඕගොල්ලොන්ට පේනවා කලින් තිබ්බ කොටස් වලට අමතරව ECU එකත් මැද්දට ඇවිල්ල තියෙනවා කියල… කොහොමද ECU එක මේකට ගෑවෙන්නේ…?

ඒ මෙන්න මෙහෙම .. අපි කලින් කිව්වා අර ඉග්නයිටර් එකෙන් ප්‍රයිමරි කොයිල් එකට ON OFF එකක් ලබා දෙන්නේ ඉග්නයිටර් එකේ ට්‍රාන්සිස්ටර් එක ON, OFF වෙලා කියල… ඒ වගේම ට්‍රාන්සිස්ටර් එක ON, OFF වෙන්නේ පිකප් කොයිල් එකේ වැඩි අඩු වෙන වෝල්ටේජ් එක නිසා කියල…

ECU එක එන්නේ ඔය අතරට… පිකප් කොයිල් එකෙන් දෙන සිග්නල් එක ECU එකටයි දෙන්නේ… ECU එක තමයි ඒ අනුව ඒ සිග්නල් එකේ ටයිමින්ග්වල අවශ්‍ය වෙනස්කම් කරලා කරලා ට්‍රාන්සිස්ටර් එකට දෙන්නේ… ඔය අවශ්‍ය වෙනස්කම් ECU එක දැනගන්නේ විවිධ සෙන්සර් මගින්… ඔබට මතක ඇති අපි අපේ මුල්ම පිටුවෙන් ඒ කියන්නේ ඉග්නිෂන් සිස්ටම් එක ගැන ඉගෙන ගනිමු 1 පිටුවේ කිව්වා ඉග්නිෂන් ඇඩ්වාන්ස් එකක් ගැන… අන්න ඒ වගේ දේවල් මෙහිදී කරන්නේ ECU එක… පහත රූපය බලන්නකෝ…

ඊට අමතරව ට්‍රාන්සිස්ටර් එකෙන් ප්‍රයිමරි කොයිල් එකට දෙන සිග්නල් එක ටැප් කරලා ආයෙත් ECU එකට දෙනවා කියලත් ඔබට පේනවා ඇති… ඔය පෙන්නලා තියෙන IGF කියන්නේ ඔන්න ඕකට… ඕක නිසා ECU එකට කියන්න පුළුවන් ඉග්නයිටර් එක හරියට වැඩකරනවාද නැද්ද කියලා…