එන්ජිම අන්ඩර් කම්ප්රේෂන්ද (පෙට්‍රල් වාහන සඳහා පමණි)

අපි දන්නවා වාහනේක එන්ජිමක් ක්‍රියාත්මක වෙන්නේ වාතය හා තෙල් සම්පීඩනය කරලා ඒ මිශ්‍රණය දහනය කිරීමෙන් එන බලයෙන් කියල… මෙතැනදී මේ “සම්පීඩනය” කියන වචනය ඉතාමත් වැදගත්… අපි හිතමු වාතය හා තෙල් මිශ්‍රණය හරියට සම්පීඩනය නොවී දහනය සිද්ද වෙන එන්ජිමක් තියෙනවා කියල… අන්න ඒවගේ මිශ්‍රණයක් දහනය උනාම උපදින බලය තියෙන්න ඕන අගයට වඩා ගොඩක් අඩුයි… මේ වගේ එන්ජිමක් තියෙන වාහනයක් හරියට පිකප් වෙන්නේ නැහැ… තත්වේ ගොඩක් දරුණු උනොත් ස්ටාර්ට් වෙන්නේ පවා නැති වෙන්න පුළුවන්…

මෙහෙම පිස්ටනයක් ඇතුලේ තියෙන්න ඕන පීඩනයට වඩා අඩු පීඩනයක දහනය සිද්ද වෙන එන්ජින් තියෙනවා… මේවා හඳුන්වන්න යොදන සුප්‍රසිද්ද වචනය තමයි “අන්ඩර් කම්ප්රෙසර් වෙච්ච එන්ජිමක්” කියන එක… මේ වචනේ ගරාජ් ගානේ බඩගාන ඔබ ඕනෑතරම් අහල ඇති…. 

බාස්ල කටේ හුරුවට “අන්ඩර් කම්ප්රෙසර්” කිව්වට හරි වචනේ “අන්ඩර් කම්ප්රේෂන්” කියන එක… පිස්ටනය ඇතුලේ පීඩනය මදි කියන එකට තමයි අන්ඩර් කම්ප්රේෂන් කියන්නේ…

වාහන එන්ජිමක් අන්ඩර් කම්ප්රේෂන් වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා… හැබයි මේ ලිපියෙන් අපි ඒ තාක්ෂණික කරනු ගැන නම් නෙමේ කතා කරන්න යන්නේ…. අපි මේ ලිපියෙන් ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ අන්ඩර් කම්ප්රේෂන් වෙච්ච එන්ජිමක්, හෝ අන්ඩර් කම්ප්රේෂන් වෙලා කියල සැක කරන එන්ජිමක් පරික්ෂා කරගන්න ආකාරය ගැන…

 

එන්ජිම අන්ඩර් කොම්ප්‍රෙෂන්ද කියලා හොයාගන්න එක ක්‍රමයක් තමයි වාහනය පාවිච්චි කරලා බලලා කියන එක… පැට්‍රොල් එන්ජිමක සුදු දුම දානවනම් එහෙමත් නැතිනම් වාහනේ පිකප් මදි නම් ඒ කියන්නේ එන්ජිම අන්ඩර් කොම්ප්‍රෙෂන් වෙන්න පුලුවන්… හැබැයි මේ දේවල් වලින් අපිට 100% ක්ම කියන්න බැහැ එන්ජිම අන්ඩර් කොම්ප්‍රෙෂන් ද කියලා…  සමහරවිට ඉහත දේවල් වලට හේතුව වාහනයේ තියෙන වෙනත් සිස්ටම් එකක දෝෂයක් නිසාත් වෙන්න පුළුවන් .…

ඒ නිසා අපි කියන්න යන මේ පරීක්ෂණයෙන් කියන්න පුළුවන් හරියටම ඔබගේ වාහනයේ එන්ජිම අන්ඩර් කොම්ප්‍රෙෂන්ද නැද්ද කියලා… මේකට ඕන කරනවා කොම්ප්‍රෙෂනොමීටර් කියන උපකරණය… මේක සාමාන්‍යයෙන් ලංකාවේ වෙළඳපොලේ හොයාගන්න අමාරුයි…

<Image of a compressometer>

ඔබ මුලින්ම කරන්න ඕන ස්පාර්ක් ප්ලග් ටික  ගලවන එකයි… ස්පාර්ක් ප්ලග් කියන්නේ මොකක්ද? ඒක කොතනද තියෙන්නේ? ගලවන්නේ කොහොමද? කියල මෙන්න මේ පිටුවේ අපි කියලා තියෙනවා පින්තූර සහිතව…

මීට අමතරව ඔබ ස්පාර්ක් ප්ලග් ක්ලිප් සම්බන්ධ වෙලා තියෙන අධි වෝල්ටීයතා දඟරයට එන සැපයුම ගලවන්න ඕන ( පැරණි වාහනවල මේක distributor එක ඇතුලේ තියෙන්නේ, අලුත් වාහනවල මේක ignition coil pack කියන එක ඇතුලේ තියෙන්නේ.) ඒ සඳහා පැරණි වාහන වලනම් ඉහත කිව්වා වගේ distributor ඒකට එන කනෙක්ටර් එක හෝ දෙක ගලවන්න ඕන… අලුත් වාහන වලනම් කොයිල් පැක් එකට එන කනෙක්ටර් එක ගලවන්න ඕන…

පහත රූප බලන්න…

Distributor එක තියෙන තැන සහ එයට සම්බන්ධ කනෙක්ටර්
ඩිස්ට්‍රිබියුටර් එකට සම්බන්ධ කනෙක්ටර් එකේ සමීප රූපයක්

<coil pack එක සහ එයට සම්බන්ධ වෙලා තියෙන කනෙක්ටර් එක>

දැන් ඔබ කොම්ප්‍රෙෂනෝ මීටරය අරගන්න… ඒකේ තියෙනවා ඔබට පේනවා ඇති පීඩන මානයක්… ඒ පීඩන මානයට සම්බන්ධ කරන්න පුළුවන් රබර් බටයක් හෝ කිහිපයක් ඔබට පේනවා ඇති… පහත රූපය බලන්න…

Pressure gauge

Pressure gauge connecting tubes

ඔන්න ඔය රබර් බටවලින් ඔබගේ වාහනයට සරිලන බටය තෝරාගන්න… එක තෝරාගන්නේ මෙන්න මෙහෙමයි… ඔය බටවල හැම එකකම එක පැත්තක ත්‍රෙඩ් එලියට තියෙනවා…. අන්න ඒ පැත්ත ස්පාර්ක් ප්ලග් එකේ ත්‍රෙඩ් තියෙන කොටසට ප්‍රමාණයෙන් සමාන වන බටය තමයි ඔබට හරියන බටය… කෝකටත් ඒ බටය අරගෙන අනෙක් පැත්ත මීටරයට සවිකරන්න.. නිවැරදිව තද කරන්න අමතක කරන්න එපා…ඊට පස්සේ අනෙක් පැත්ත එනම් අපි කලින් කිව්ව පිටත ත්‍රෙඩ් තියෙන කොටස පලවෙනි ස්පාර්ක් ප්ලග් එක තිබ්බ කුහරයට දාල තද කරන්න… හරියට ෆිට් වෙලා තද වෙනවනම් ඔබ නිවැරදිව කොම්ප්‍රෙශනෝ මීටරය සවි කරලා ඉවරයි…

බට කිහිපයක් නැතිනම් ඔබ ළඟ තියෙන්නේ ඔබගේ වාහනයේ එන්ජිමට හරියන කොම්ප්‍රෙෂනෝ මීටරයක්… ඒ තියෙන බටය අරගෙන ඉහත කිව්වා වගේ පීඩන මානයට සවිකරන පැත්ත පීඩන මානයට සවි කරන්න… අනෙක් පැත්ත එන්ජිමේ ඩ්‍රයිවින්ග් පැත්තේ ඉඳලා එන පලවෙනි ස්පාර්ක් ප්ලග් කුහරයට ත්‍රෙඩ් තියෙන කොටස ඇතුලට ෆිට් වන පරිදි දාල දක්ෂිනාවර්තව කරකවන්න.. (තද වෙන පැත්ත) පහත රූපය බලන්න….

Compression meter tube connecting to pressure gauge

Compression meter with tube connecting to spark plug hole

මෙත් එක්කම ලියාගන්න කොලයක් පෑනක් ළඟ තියාගන්න… කිහිප සැරයක් එක දිගට ස්ටාර්ට් කරන්න උත්සාහගන්න කියල…. ඒ කියන්නේ යතුර “start” කියන තැනට කරකවලා තත්පර භාගයක් වගේ තියන් (එහෙමත් නැතිනම් එන්ජිම ස්ටාර්ට් වෙන්න හදන ගතිය තමන්ට දැනෙනකොටම)  යතුර “start” කියන තැනෙන් ආපසු ගන්න එක..ඒ ගත්ත ගමන්ම නවතින්නේ නැතිව ආයෙත් ඒ විදියටම කරකවන්න… මෙහෙම නවතින්නේ නැතිව එක දිගට හත් අට වතාවක් ඒක කරගෙන යන්න….

Steps of rotating the start key

ඉහත කිව්වා හත් අට වතාවක් ඔබේ සගයාට ස්ටාර්ට් කරන්න උත්සාහගන්න හැටි… ඒ අතරතුර ඔබ පීඩන මානය දිහා බලාගෙන ඉන්න ඕන…ඔය හත් අට වතාවෙන් හැම වතාවකම පීඩන මානයේ පීඩනය වැඩිවෙනවා ඔබට පෙනෙනු ඇති… එහෙම වැඩි වෙලා අවසාන වතාවේ හෝ කිහිපයේ පීඩනය තවදුරටත් වැඩි වෙන්නේ නැති බව ඔබට පෙනෙනු ඇති.. ඔන්න ඔය වෙලාවේ සගයාට කියන්න ස්ටාර්ට් කරන එක නවත්වන්න කියල… ඒත් එක්කම ඔබ පීඩන මානයේ පීඩනය කොලයේ ලියාගන්න ඕන… ඒක අංක කරගන්න ඩ්‍රයිවින්ග් පැත්තේ ඉඳලා එන පළවෙනි ස්පාර්ක් ප්ලග් කුහරයේ පීඩනය හැටියට… ඇත්තටම ඕක තමයි ඩ්‍රයිවින්ග් පැත්තේ ඉඳලා තියෙන පලවෙනි පිස්ටන් එකේ අපි මැන ගන්න කොමප්‍රෙෂන් එක… පහත රූපයේ තියෙන්නේ ඒ විදියට උපරිම පීඩනය පෙන්නන අවස්ථාවේ ගත්ත පින්තූරයක්…

ඔය විදියටම අනික් කුහර වල (එහෙමත් නැතිනම් පිස්ටන් වල) පීඩනය  මැන ගන්න…

දැන් ඔබ ලියාගත්ත කොලයේ පහත පරිදි පීඩනය පෙන්නුම් කරනවා ඇති….

  • පිස්ටන් 1 – ලැබුණු උපරිම පීඩනය (P1)
  • පිස්ටන් 2 – ලැබුණු උපරිම පීඩනය (P2)
  • පිස්ටන් 3 – ලැබුණු උපරිම පීඩනය (P3)
  • පිස්ටන් 4 – ලැබුණු උපරිම පීඩනය  (P4)

දැන් අපි අවශ්‍ය මිනුම් ලබාගෙන ඉවරයි… දැන් කරන්න තියෙන්නේ ඒ ලබාගත්ත අගයන් නිවැරදිව ක්‍රියාකරන එන්ජිමක තිබියයුතු අගයන් සමග සංසන්දනය කිරීමයි…

එම නිවැරදි අගයයන් සාමාන්‍යයෙන් වාහනයේ මැනුවල් එකේ ලබා දී තියෙනවා… ඔබගේ වාහනයේ මැනුවල් එක ඔබ ළඟ තියෙනවා නම් එම අගය සමග සංසන්දනය කරන්න පුළුවනි.. එහෙමත් නැතිනම් ඔබගේ වාහනය අයත්වන එන්ජිමේ මාදිලියේ තිබියයුතු කොම්ප්‍රෙෂන් එක ඉන්ටෙර්නෙට් එකේ සොයලා සංසන්දනය කරන්නත් පුළුවනි…

මීට අමතරව ඒ ඒ පිස්ටන් අතර තියෙන ඔබ මනගත්ත උපරිම පීඩන වල වෙනස කොපමණද කියලා බලන්න.. ඒ වෙනසත් සාමාන්‍යයෙන් 15% කට වඩා නොවැඩි විය යුතුයි….

දැන් ඔබ ඔබගේ වාහනයේ කොම්ප්‍රෙෂන් ටෙස්ට් එක කරලා ඉවරයි… ඒ අනුව ඔබ තීරණය කරන්න පුළුවන් ඔබගේ වාහනයේ දෝෂය එන්ජිමේ කොම්ප්‍රෙෂන් අඩුවීමක් නිසා සිදුවූවක්ද කියලා…

ටෙස්ට් එක කරලා ඉවර උනාට පස්සේ මතක ඇතිව නැවතත් වාහනය මුල් තිබ්බ තත්වයට පත්කරන්න, ඒ කියන්නේ ගලවපු කනෙක්ටර් හරියටම ඒ තිබ්බ විදියටම සවි කිරීම, ස්පාර්ක් ප්ලග් සහ ස්පාර්ක් ප්ලග් ක්ලිප් තිබ්බ විදියටම තද කිරීම වගේ දේවල් අමතක කරන්න එපා…