ඔටෝ ගියර් ගැන ඉගෙන ගනිමු

ඔටෝ ගියර් එහෙමත් නැත්තන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් කියන්නේ අලුත් වාහනවල අනිවාර්ය අංගයක්… ඉස්සර නම් “ඔටෝ පදින්නේ ගෑනු”, “රියල් මිනිස්සු නං මැනුවල් පදින්නේ” වගේ කතා තිබ්බ… හැබැයි දැන්නම් ගැහැණු පිරිමි බේදයකින් තොරව හරිහරියට ඔටෝ වාහන පාවිච්චි කරනවා…මොකද මැනුවල් එකකට සාපේක්ෂව ඔටෝ වාහනයක් පැදවීම ඉතා පහසු නිසා…

ඔටෝ ගියර් පද්ධතියේ ඇතුල ගැන දැනගන්න කලින් ඔටෝ වාහනේක තියෙන ගියර් ගැන හරි අවබෝධයක් තියෙන එක වැදගත්… ඒක ගැන මෙන්න මේ පිටුවේ අපි ලියලා තියෙනවා… කියවීම වැදගත් වෙන්න පුළුවනි ඔබට…

අපි මේ පිටුවෙන් කියන්න යන්නේ ඔටෝ ගියර් පද්ධතිය කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන… ඒක ටිකක් සංකීර්ණ දෙයක් උනත් බය වෙන්න එපා… අපි ඉතා සරලව පැහැදිලිව ඔබට ඒ ගැන කියලා දෙන්නයි යන්නේ….

ඔටෝ ගියර් බොක්ස් එක පිහිටලා තියෙන්නේ එන්ජිමට හා ඩ්‍රයිව් ශාෆ්ට් එක අතර… පහත රුපයෙන් අපි පෙන්නලා තියෙනවා ගියර් බොක්ස් එක තියෙන තැන…

 

ඔටෝ ගියර් බොක්ස් එකක තියෙන ප්‍රධාන අංග තුනක් තියෙනවා…  ඒ කොටස් තුන තමයි ටෝර්ක් කන්වර්ටර් (Torque Converter) එක, ප්ලැනටරි ගියර් යුනිට් (Planatory Gear Unit) එක සහ හයිඩ්‍රොලික් කොන්ට්‍රෝල් යුනිට් (Hydroilic Control Unit) එක… කලින් පෙන්නපු ගියර් බොක්ස් එක ඇතුලේ ඔය අංග තියෙන හැටි පහල රූපෙන් පෙන්නලා තියෙනවා…

 

දැන් අපි මේ එක එක කොටස ගැන වෙන වෙනම කතා කරමු… ලිපිය දිග වැඩි වෙන හින්ද එක එක අංගය ගැන වෙන වෙනම ලිපි දාල තියෙනවා…

ක්‍රෑන්ක් ශාෆ්ට් එකෙන් ලැබෙන බලය ගියර් බොක්ස් එකට සම්ප්‍රේෂණය කරන්න තියෙන කොටස තමයි ටෝර්ක් කන්වර්ටර් එක කියන්නේ… වැඩි විස්තර මෙතනින් බලන්න…

ගියර් රේශියෝ එක වෙනස් කරන්නේ ප්ලැනටරි ගියර් යුනිට් එකෙන්… ඕක කරන හැටි ගැන සම්පුර්ණ කතාව මෙතන කියල තියෙනවා…

ගියර් රේශියෝ එක වෙනස් කරන එක ඔටෝමැටිකලි  පාලනය කරන්නේ හයිඩ්‍රොලික් කොන්ට්‍රෝල් යුනිට් එකෙන්… කරන විදිය බලන්න මෙතනින්….