වාහනේ කුලන්ට් ලෙවල් එක බලන හැටි

කුලන්ට් වලින් තමයි රත් වෙන එන්ජිම සිසිල් කරන කාර්යය කරන්නේ… විශේෂයෙන්ම දුර ගමනක් යන්න කලින් මේ කුලන්ට් බලන එක ගොඩක් වැදගත්…. මොකද දුර ගමනකදී එන්ජිම රත් වෙලා තියෙන කාලේ වෙනදට වඩා වැඩියි…. ඒ නිසා කුලන්ට් හරි ගානට තියෙන්නම ඕන… කුලන්ට් හරි ප්‍රමානෙට තිබ්බේ නැත්තන් වෙන්නේ එන්ජිම නොනැවතී රත් වෙන එක… ඔවර්හීට් වෙනවා කියලත් කියනවා…. එහෙම උනොත් එන්ජිමේ ගෑස්කට් යෑම, හෝ නරකම වෙලාවක නම් එන්ජිම සීස් වීමක් උනත් වෙන්න පුළුවන්…

ඕන වාහනයක කුලන්ට් දාන්න වෙනම බෝතලයක් තියෙනවා… ඒ බෝතලේ Min (අඩු) Max (වැඩි) ලෙවල් පවා සටහන් කරලත් තියෙනවා… මේ කුලන්ට් දාන බෝතලයට කියන හරි නම තමයි Coolant Reservoir (කුලන්ට් රෙසර්වොයර්) කියන එක…

කුලන්ට් රෙසර්වොයර් එක සාමාන්‍යෙන් තියෙන්නේ රේඩියේටර් එක ලඟින්ම තමයි… රේඩියේටර් කැප් එකේ ඉඳලා යන බටයක් මේ බෝතලයට සම්බන්ධ වෙනවා… ඒ බටේ මාර්ගයෙන් මේ කුලන්ට් රෙසර්වොයර් එක ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්… එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මේ බෝතලේ මුඩියේ Coolant කියල ගහල තියෙනවා… ඇත්තටම මේ කුලන්ට් රෙසර්වොයර් එක හොයා ගන්න එක එච්චර අමාරු වැඩක් නෙමේ… එත් හොයා ගන්න බැරි නම් පහල රූප සටහන් බලල යන්න… වරදින්නේ නැතුව හොයා ගන්න පුළුවන්…

කුලන්ට් රෙසර්වොයර් එක තියෙන තැන
කුලන්ට් රෙසර්වොයර් එකේ MIN, MAX ලෙවල් දෙක ගහල තියෙන හැටි

 

අපිට කොහෙද කුලන්ට්… මමනම් දාන්නේ වතුර…

කූලන්ට් ගැන කියද්දී අපි කරන ලොකු වැරද්දක් තියෙනවා… ඒ තමයි අපි පුරුදු වෙලා ඉන්නවා කූලන්ට් වෙනුවට වතුර දාන්න.. මේකෙන් වෙන්නේ එන්ජින් එකේ කූලන්ට් බට ටික ඔක්කොම මලකඩ කන්න පටන්ගන්න එක … ඉතින් ඔබේ වාහනයේ වතුර නම් තියෙන්නේ ඉක්මනින්ම සර්විස් ස්ටේෂන් එකකට ගිහින් කූලන්ට් ෆ්ලෂ් එකක් කරගන්න.. ඊට පස්සේ දිගටම වතුර වෙනුවට කූලන්ට් දාන්න.. කුලන්ට් නැත්තං අඩුම තරමින් ආසෘත ජලය (බැටරි වතුර) වත් දාන්න…

 

කුලන්ට් බලන විදිය

දැන් අපි බලමු කුලන්ට් බලද්දී කරන්න ඕන වැඩ පිළිවෙල…

  • එන්ජිම අතින් අල්ලන්න පුළුවන් ගානට නිවිලාද බලන්න ඕන… රත් වෙච්ච එන්ජිමක හෝ ස්ටාර්ට් එකේ තියෙන එන්ජින් එකක කුලන්ට් බලන්න යන්න එපා…. එන්ජිම රස්නේ නම් නිවෙනකල් බොනට් එක ඇරලා තියල තියන්න…
  • ඊළඟට කුලන්ට් රෙසර්වොයර් එකේ කුලන්ට් ලෙවෙල් එක බලන්න ඕන… මේ ප්ලාස්ටික් බෝතලේ ටිකක් විනිවිද පේනවා… ඒ හින්දා මුඩිය ගලවන්නේ නැතුව ලෙවල් එක බලන්න පුළුවන්… හැබැයි සමහර වාහන වල තියෙන්නේ හද්ද පරණ කළු ගැහිච්ච බෝතල්… ඒවායේ නම් මේ ලෙවල් එක බලන එක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්…
  • කුලන්ට් ලෙවල් එක Min වලට ආසන්නයේ නම් තියෙන්නේ කුලන්ට් දාන එක හොඳයි…
  • කුලන්ට් දාද්දි Max ලෙවල් එකට එනකල් කුලන්ට් රෙසර්වොයර් එකට පුරවන්න ඕන…
  • කවදාවත් Max ලෙවල් එකට වඩා කුලන්ට් දාන්න යන්න එපා… මොකද එන්ජිම රත් වෙද්දී කුලන්ට් ප්‍රසාරණය වෙලා මේ බෝතල් වලින් එලියට විසිරිලා යන්න පුළුවන් හින්දා… එහෙම උනොත් ගමන යන එක එක පැත්තකින් තියලා එන්ජිම සුද්ද කරන්න අරන් යන්න වෙයි…

 

කුලන්ට් දාන්නේ කොහොමද

දැන් කුලන්ට් දාන්න කිව්වම සමහරු කල්පනා කරන්න පුළුවන් “කොහොමද දාන්න ඕන කුලන්ට් එක හරියට තෝරාගන්නේ” කියල… මොකද එක එක පාට කුලන්ට් විවිධ නම් වලින් කඩේ විකුනන්න තියෙනවනේ…

ඇත්තටම ඕනෑම වර්ගයක කුලන්ට් එකක් ඕනෑම වාහනේකට දාන්න පුළුවන්… නිෂ්පාදකයාගේ ප්‍රමිතිය මත කුලන්ට් එකේ හොඳ නරක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්… එත් සාමාන්‍යෙන් හොඳ නමක් තියෙන ඕනෑම පාටක කුලන්ට් එකක් එකක් අරගෙන තමන්ගේ වාහනේට දැම්මට වරදක් නෑ….

නමුත් අනිවාර්යෙන්ම කරන්න ඕන දේ තමයි කුලන්ට් එකේ පාවිච්චි කරන පිළිවෙල ලියල තියෙන උපදෙස් පත්‍රිකාව කියවන එක… මොකද සමහර කූලන්ට් හදල තියෙන්නේ වතුර එක්ක මිශ්‍ර කරලා වාහනයට දාන්න… එත් සමහර කුලන්ට් කෙලින්ම බෝතලෙන්ම මිශ්‍ර නොකර වාහනේට දාන්න තමා හදල තියෙන්නේ… මිශ්‍ර කරන වර්ගයේ කුලන්ට් වලත් වතුර එක්ක මිශ්‍ර කරන්න ඕන අනුපාතයන් කුලන්ට් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා… ඒ අනුපාතය හොයා ගන්න ඕනත් උපදෙස් පත්‍රිකාව කියවල තමයි…

  • වතුර එක්ක මිශ්‍ර කරලා දාන්න ඕන ජාතියේ කුලන්ට් එකක් නම් අනිවාර්යෙන්ම මිශ්‍ර කරන්න ආසුත ජලය එහෙම නැත්තන් හොඳට උනුකරල නිවල පෙරාගත්ත වතුර පාවිච්චි කරන්න…
  • වතුර එක්ක මිශ්‍ර කරන්නේ නැති වර්ගයේ කුලන්ට් එකක් නම් දාන්න කලින් හොඳට කලත්තල දාන්න….

 

දැන් සමහර අයට ප්‍රශ්නයක් එන්න පුළුවන් කුලන්ට් පාට පාටින් තියෙන්නේ මොකද කියල… ප්‍රධාන වශයෙන් කොළ පාටින් සහ රතු පාටින් කුලන්ට් තියෙනවා ඔයාල දැකල ඇති…

ඇත්තටම කලින් කිව වගේ මේ දෙකේ කිසිම වෙනසක් නැහැ… ඕන පාටක, ඕන වර්ගේක කුලන්ට් ඕන වාහනේකට දාන්න පුළුවන්… සාමාන්‍යෙන් බොනට් එක ඇරියම රේඩියේටර් කැප් එක තියෙන හරියේ බොඩි එක රතු පාට නම් ඒ වගේ වාහන වලට කොළ පාට කුලන්ට් දානවා… හොඳට කැපිලා පේන්න ඕන නිසා… හැබැයි තමන්ගේ වාහනේට එක පාටක කුලන්ට් එකක් එකදිගටම දානවා නම් තමයි වඩාත් හොඳ…

තවත් වැදගත් දෙයක් තමයි , සමහර පරණ වාහන වල කුලන්ට් රෙසර්වොයර් එකක් නැහැ… මේවයේ කෙලින්ම රේඩියෙටරේ මුඩිය ගලවල එතනට තමා කුලන්ට් දාන්න ඕන… කලින් වගේම මේ දේවල් කරන්න ඕන එන්ජිම පොඩ්ඩක්වත් රත් වෙලා නැති වෙලාවක…. පල්ලෙහා රූපෙන් පෙන්නලා තියෙනවා කුලන්ට් රෙසර්වොයර් එකක් නැති වාහන වල කුලන්ට් දාන්න ඕන විදිය…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *