ඔයිල් ලීක් පරික්ෂාව

වාහන එන්ජිමක කැරකෙන කොටස් ගොඩක් තියෙනවා… ඔය කැරකෙන කොටස් සුමටව එකක් මත එකක් ලිස්සා යන්නේ වාහනේට දාන එන්ජින් ඔයිල් නිසා… එන්ජින් ඔයිල් පරික්ෂා කරන හැටි ගැන ලියවිච්ච හොඳ ලිපියක් අපි ගාව තියෙනවා.. මේ ලින්ක් එකෙන් එකත් බලලම එන්න කලින් කියවල නැත්තන්…

වාහනේට කොච්චර ඔයිල් දැම්මත් වැඩක් නැහැ කොහෙන් හරි ඒ දාන ඔයිල් ලීක් වෙනවා නම්… ඒ නිසා වාහනේක ඔයිල් ලීක් නැති බව තහවුරු කරගන්න එක වටිනවා… ඔබේ වාහනයේ ඔයිල් අඩු වෙනවා නම් ඉක්මනටම මේ පරික්ෂාව කරන්න ඕන… එහෙම නැතත් අන්තිමට පරික්ෂා කරපු දවසේ ඉඳල කිලෝමීටර් 20000ක් හෝ මාස 12ක් ගියාම එන සර්විස් වලදී මේ පරික්ෂාව කරන්න ඕන…

ඔයිල් ලීක් පරීක්ෂාවත් ඉතාම සරල දෙයක්… කිසිම උපරකරණයක් නැතුව ගෙදරදීම කරගන්න පුළුවන්… අපි බලමු කරන විදිය…

ඔයිල් ලීක් එකක් තියෙනවද කියල බලන විදි කීපයක් තියෙනවා… ඒ දේවල් ටික කරන එක තමයි මේ පරික්ෂාවේ පියවර හැටියට තියෙන්නේ…

 

ඔයිල් ලීක් පරීක්ෂා කරන හැටි

මුලින්ම වාහනේ පිරිසිදු තැනක ටිකක් වෙලා නවත්තල තියන්න… ඊට පස්සේ වාහනේ අයින් කරලා බලන්න එතන එන්ජින් ඔයිල් වැටිලා තියෙනවද කියල… පොඩ්ඩක් හරි තියෙනවා නම් ඒ කියන්නේ ඔයිල් ලීක් එකක් තියෙනවා කියන එක… ඕක තමයි ඔයිල් ලීක් එකක් හොයාගන්න සරලම විදිය…

ඊළඟට ඔයිල් ලීක් වෙන්න පුළුවන් තැන් කීපයක් හොඳට පරික්ෂා කරලා බලන්න ඕන…

ඔයිල් ලීක් වෙන සම්ප් එකක්. ලොකු තෙල් පැල්ලම් තියෙනවා මේකේ
  • PCV වැල්ව් එක හා ඒකෙ බටය ආසන්නයේ…

ඉන්ටේක් මැනිෆෝල්ඩ් ඉඳල එන්ජිමට යන බටයක් විදියට තමයි මේ PCV වැල්ව් එක තියෙන්නේ… මේ බටේ එලියට පේනවා… පල්ලෙහා රූප වලින් ඔය බටය වාහන කීපයක තියෙන හැටි පෙන්නලා තියෙනවා… ඔය බටය තියන හරිය හොඳට බලන්න ඕන තෙල් ලීක් වෙලා තියෙනවද කියල… PCV වැල්ව් එක හා ඒකෙන් කරන කාර්යය ගැන කියවෙන වෙනම ලිපියක් තියෙනවා මෙතන… ඒකත් බලලම එන්න හොඳ දැනුමකට….

PCV වැල්ව් එක තියෙන තැන
PCV වැල්ව් එක

ඔයිල් ලීක් එකක් තියෙන PCV වැල්ව් එකකින් ඔයිල් ලීක් වෙලා තියෙන හැටි පල්ලෙහා රූපෙන් හොඳට පේනවා…

PCV වැල්ව් එකෙන් ලීක් වෙච්ච ඔයිල්

ඔහොම බලල ඔයිල් ලීක් එකක් ගැන දැනගත්තොත් ඉක්මනටම හොඳ ගරාජ් එකකට අරගෙන යන එක හොඳයි….