කැටලිටික් කන්වර්ටර් එක පරීක්ෂා කරමු…

මොකක්ද මේ කැටලිටික් කන්වර්ටර් ( catalytic converter) කියල කියන්නේ?

මේක පරීක්ෂා කරන්න කලින් මේක මොකක්ද කියල දැනගන්න ඕන.. ඒ ගැන මුලින්ම කියන්නයි යන්නේ.. අපි කවුරුත් දන්නවා වාහනයෙන් දුම පිටවෙනවා කියලා.. ඒ දුම හැදෙන්නේ එන්ජින් එකේ පිස්ටන් තියෙන කුටීරයේ… එතනින් ඒ දුම එක්ස්හෝස්ට් වෑල්ව් හරහා පිටවෙන්නේ එක්ස්හෝස්ට් මැනිෆෝල්ඩ් එකට …. ඊටපස්සේ ඒ දුම කැටලිටික් කන්වර්ටර් එක හරහා යනවා… කැටලිටික් කන්වර්ටර් එක හරහා යන දුම ඊළඟට යන්නේ සයිලන්සරයට.. සයිලන්සරයෙන් තමයි අපි කවුරුත් දන්නවා වගේ දුම එලියට පිටවෙන්නේ… පහත රූපය බලන්න…

එතකොට මේ එක්ස්හෝස්ට් මැනිෆෝල්ඩ් එකට එන දහනය උන වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය, සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණයට වඩා අඩුයි.. එතකොට කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ්, සාමාන්‍ය වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වලට වඩා වැඩියි… ඊටත් අමතරව නයිට්‍රස් ඔක්සයිඩුත් තියෙනවා.. මේවායින්.. කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රස් ඔක්සයිඩ් පරිසරයට මෙන්ම ජීවීන්ටද හොඳ නැහැ… ඉතින් මෙන්න මේ නිසා එක්ස්හොස්ට් එකට එන්ජිමෙන් එලියට දාන වාතයේ සයිලන්සරයෙන් පිටවෙන්න කලින් අපි කලින් කිව්ව අහිතකර වායූන් ඉතාමත් අවම අගයක තියාගන්න ඕන…

ඔතනදී තමයි කැටලිටික් කන්වර්ටරය අපිට වැදගත් වෙන්නේ… මේ කැටලිටික් කන්වර්ටරයේ පැහැදිලි පින්තූරයක් පහත රූපයේ තියෙනවා…

කැටලිටික් කන්වර්ටර් එක තියෙන තැන

ඊළඟ රූපයේ තියෙන්නේ කැටලිටික් කන්වර්ටරය වාහනයෙන් ගලෙව්වාම එහි ඇතුලත මොන වගේද පේන පින්තූරයක්..මෙහිදී ඔබට පේනවාඇති මීවදයක් වගේ ඇතුලත පටල තියෙනව… ඔන්න ඔය මීවද වගේ තියෙන පටල හරහා තමයි අර දහනය උන දුම සයිලන්සරය පැත්තට යන්නේ… මේ පටල නිසා ඒ දුම එතන අනිත් තැන් වලට වඩා ටිකක් වැඩි වෙලාවක් රැඳෙනවා.. මේ රැඳීම නිසා කාබන් මොනොක්සයිඩ් එහි ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාකරලා කාබන් ඩයොක්සයිඩ් හදනවා… නයිට්‍රස් ඔක්සයිඩ්ද එහි ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාකරලා නයිට්‍රජන් සහ ඔක්සිජන් හදනවා…. මේ නිසා සයිලන්සරයෙන් පිටවෙන වාතයේ කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රස් ඔක්සයිඩ් අඩුවෙනවා.. පහත රූපපෙල බලන්න ඔබට තවත් තේරෙන්න ඕන..

NO + O2 -> N2 + O2

CO + O2 -> CO2

කාලයක් යනකොට මේ කැටලිටික් කන්වර්ටර් එකේ තියෙන මීවද පටල කාබන් වලින් බැඳෙනවා.. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඔබගේ වාහනය තෙල් හරියට කරන්නේ නැති උනාම..( Rich දුවනවා කියලයි කියන්නේ ඒකට).. ඉතින් එතකොට මේ කැටලිටික් කන්වර්ටර් එක බ්ලොක් වෙනවා.. අපි දැන් බලන්න යන්නේ ඔබගේ වාහනයේ කැටලිටික් කන්වර්ටර් එක බ්ලොක් වෙලාද කියන එකයි…

 

අවශ්‍ය උපකරණ

IR ලේසර් උෂ්ණත්වමානයක්.

IR ලේසර් උෂ්නත්වමානයෙන් කරන්නේ ඉතා ඉහල උෂ්ණත්ව අගයයන් සහිත පෘෂ්ඨ වල උෂ්ණත්වය මානය ඒ පෘෂ්ඨයේ ස්පර්ශ කරන්නේ නැතිව ලබා ගැනීමයි…

 

ඔබ මුලින්ම කරන්න ඕන ඔබගේ වාහනයේ කැටලිටික් කන්වර්ටර් එක හෝ කිහිපය හොයාගන්න එක.. අපි කලින් කිව්වා වගේ එක්ස්හෝස්ට් මැනිෆෝල්ඩ් එකයි සයිලන්සර් එකයි අතර තමයි මේක තියෙන්නේ… ගොඩක් වාහනවල මේවා එකයි තියෙන්නේ… නමුත් ඇතැම් වාහනවල එකකට වඩා තියෙන්න පුළුවනි… පහත රූපය බලන්නකෝ… එවැනි හැඩැති කොටසක් ඔබට පේනවානම් එක තමයි කැටලිටික් කන්වර්ටර් එක…..

දැන් ඔබ කරන්න ඕන වාහනය ස්ටාර්ට් කරලා එන්ජිම ටික වෙලාවක් රත් වෙන්න තියන එක… හීට් මීටරයේ කට්ට මැද හරියට ආවම IR ලේසර් උෂ්නත්වමානයෙන් මැනීම පටන්ගන්න ඕන.. වාහනය ස්ටාර්ට් එකේම තියාගෙන ඉන්න ඕන…කැටලිටික් කන්වර්ටර් එකට කලින් ඒකට සම්බන්ධ වෙලා තියෙන එක්ස්හෝස්ට් බටයට කැටලිටික් කන්වර්ටර් කට ලඟින්ම IR ලේසර් උෂ්ණත්වමානය පොයින්ට් කරන්න… ඔබට රතුපාටට ලේසර් තිත පේනවා ඇති….පහත රූපය බලන්න…උෂ්ණත්වමානයේ කියවන අගය ලියාගන්න….

දැන් ඉන් පසුව ඉහත ආකාරයටම කැටලිටික් කන්වර්ටර් එකට පසුව තියෙන එක්ස්හෝස්ට් බටයට කැටලිටික් කන්වර්ටර් කට ලඟින්ම IR ලේසර් උෂ්ණත්වමානය පොයින්ට් කරන්න… උෂ්ණත්වය මැනගන්න… ලියාගන්න… පහත රූපය බලන්න…

මෙහෙදී ඔබට කැටලිටික් කන්වර්ටර් එකට පසු උෂ්ණත්වය අංශක කිහිපයකින් ( 10 – 15 අතර උපරිම) කැටලිටික් කන්වර්ටර් එකට පෙර උෂ්ණත්වයට වඩා අඩු වෙන්න ඕන….එහෙම නැතිව අංශක 50 – 100 කින් වගේ වැඩියිනම් ඒ කියන්නේ ඔබගේ වාහනයේ කැටලිටික් කන්වර්ටර් එක මාරුකරන්න හෝ සුද්ද කරන්න කාලය ඇවිල්ලා කියන එකයි..

මේ විදියටම අනෙකුත් කැටලිටික් කන්වර්ටර් ඇතිනම් ඒවත් මැනගන්න… ඒ කියන්නේ ඒ සෑම කැටලිටික් කන්වර්ටර් එකට පෙර සහ පසු ඒ කැටලිටික් කන්වර්ටර් කට ලඟින්ම තියෙන එක්ස්හෝස්ට් බටයේ උෂ්ණත්ව මැනගන්න…මැනගෙන  ඉහත පරිදිම සංසන්දනය කරන්න…