එන්ජින් ඔයිල් ලෙවල් එක බලන හැටි

වාහන එන්ජිමක් කියන්නේ කැරකෙන කොටස් ගොඩක් තියන සංකීර්ණ මැෂිමක්… එන්ජින් ඔයිල් වලින් තමයි ඔය කැරකෙන කොටස් වල ඝර්ෂණය අඩු කරවල සුමටව කරකැවෙන්න උදව් කරන්නේ…

එන්ජින් ඔයිල් අඩුවෙන් දිව්වොත් එන්ජිමේ කැරකෙන කොටස් අතරේ ඝර්ෂණය වැඩි වෙනවා… වැඩි වෙලා එන්ජිම අධිකව රත් වෙන්න බලනවා… මෙහෙම එන්ජින් ඔයිල් නැතුව පැයක් විතර දිව්වොත් අනිවාර්යෙන් එන්ජිම සීස් වෙන්න පුළුවන්… එන්ජිම සීස් වෙනවා කියන්නේ සමහරවිට අලුත් එන්ජිමක් තියන්න උනත් සිද්ද වෙන මහා භයානක තත්වෙකට කියල ඔයාල දන්නවා ඇතිනේ… එහෙම නැත්තන් ගෑස්කට් යන්න හෝ සිලින්ඩර් මිස්ෆයර් වීමක් වගේ දේවල් වෙන්න පුළුවන්…

ඒ හින්ද විශේෂයෙන්ම දුර ගමනක් යන්න කලින් එන්ජින් ඔයිල් බලන එක හොඳයි… එහෙම නැතත් ඉඳල හිටලා පුරුද්දක් හැටියට ඔය ඔයිල් චෙක් එකක් කරන එක හොඳයි…

දැන් සමහරු කියන්න පුළුවන් මේක අලුත් වාහන වලට අදාළ වෙන්නේ නැහැ කියල… “සර්විස් වල ඔයිල් මාරු කරනවානේ… එහෙම කලාම ඇති…” කියල තමයි ඒගොල්ලෝ කියන්නේ… ඇත්තටම ඒ කතාවේ ලොකුම වැරැද්දකුත් නැහැ… පරණ වාහන වගේ නෙමේ, අලුත් වාහන වල එන්ජින් කාර්යක්ෂමතාවය වැඩියි… එන්ජිමේ ආරක්ෂාවට දාල තියෙන උපක්‍රමත් වැඩියි… ඒ හින්ද සර්විස් දෙකක් අතරේ අලුත් වාහනේක එන්ජින් ඔයිල් අඩු වෙන්නේ ගොඩක් කලාතුරකින්… නමුත් කව්රු උනත් ඔයිල් බලන්න දැනගෙන ඉන්න එක වටිනවා…

 

එන්ජින් ඔයිල් බලන්න ඕන මෙහෙමයි….

  • එන්ජිම අනිවාර්යෙන් ඕෆ් එකේ තියෙන්න ඕන… සාමාන්‍යෙන් එන්ජින් ඔයිල් බලන්න කලින් අඩුම ගානේ පැයක්වත් වාහනේ ස්ටාර්ට් නොකර තියන්න ඕන… එන්ජිම ස්ටාර්ට් කරපු ගමන් එන්ජින් ඔයිල් එන්ජිම වටේම දුවන්න පටන් ගන්නවා… එහෙම වෙද්දී ඔයිල් ලෙවල් එක හරියට කියෝගන්න හම්බ වෙන්නේ නැහැ…
  • වාහනේ සමතල පොළවක තියෙන්න ඕන… සමතල පොළවක නැත්නම් වාහනේ ස්ටාර්ට් නොකර තල්ලු කරගෙන සමතල පොලවකට ගෙන්න…. මේක හරිම වැදගත් මොකද..වාහනේ සමතලා පොළවක තියෙනකොට තමයි එන්ජින් ඔයිල් ලෙවල් එක හරියටම පෙන්නන්නේ.. හැබැයි කන්දක හරි පල්ලමක හරි තිබ්බොත් එක්කෝ ඔයිල් වැඩියෙන් හරි එහෙමත් නැතිනම් අඩුවෙන් හරි පෙන්නාවි..
  • ඊට පස්සේ එන්ජින් ඔයිල් බලන කූර හොයා ගන්න ඕන… මේකට Dipstick (ඩිප්ස්ටික්) කියල කියනවා… කහ පාට මුද්දක් එක්ක තියෙන කුරක් විදියට තමයි මේ ඩිප්ස්ටික් එක තියෙන්නේ… සමහර ඒවායේ නං එන්ජින් ඔයිල් කියල ගහලම තියෙනවා… ගොඩක් අයට කිසි අමාරුවක් නැතුව මේක හොයා ගන්න පුළුවන්… අමාරු නම් පල්ලෙහා රූප බලල යන්න…
  • ඩිප්ස්ටික් එක එලියට අරන් එක පාරක් පිහදාන්න ඕන… මොකද කලින් විසිරිච්ච ඔයිල් කුරේ ගෑවිලා තියෙන්න පුලුවන් නිසා….
  • පිහදාල සුද්ද කරපු ඩිප්ස්ටික් එක එක පාරක් හෙමිට ඔයිල් බලන සිදුරට ඇතුල් කරන්න ඕන… ඊට පස්සේ කුර එලියට අරගෙන බලන්න පුළුවන් එන්ජිමේ ඔයිල් ලෙවල් එක….
  • මේ කුරේ නැත්තන් ඩිප්ස්ටික් එකේ තිත් දෙකක් හෝ කට්ට දෙකක් තියෙනවා… මේ තිත් දෙකෙන් කියවෙන්නේ Min (අඩු) හා Max (වැඩි) ලෙවල්… එන්ජින් ඔයිල් ලෙවල් එක තියෙන්න ඕන මේ අඩු හා වැඩි කට්ට දෙක අතරේ… Min කට්ටයට වඩා පහලින් නම් ඔයිල් ලෙවල් එක තියෙන්නේ ගමන යන්න කලින් එන්ජින් ඔයිල් දාන එක ඇඟට ගුණයි…
එන්ජින් ඔයිල් ඩිප්ස්ටික් එක තියෙන තැන
ඩිප්ස්ටික් එකේ අඩු වැඩි ලෙවල්

එන්ජින් ඔයිල් අඩු උන වෙලාවක එන්ජින් ඔයිල් දාන විදිය….

  • මුලින්ම එන්ජින් ඔයිල් දාන්න ඕන තැන හොයා ගන්න ඕන… මේකට කියන්නේ Engine Oil Reservoir (එන්ජින් ඔයිල් රෙසර්වොයර්) කියලයි… බොනට් එක ඇරිය ගමන් බොහොම ලේසියෙන් මේක හොයා ගන්න පුලුවන්…
  • මේ එන්ජින් ඔයිල් රෙසර්වොයර් එකේ මුඩියේ එන්ජින් ඔයිල් ලාංචනය වගේම සමහර වෙලාවට දාන්න ඕන ඔයිල් එක ගැන ලියලත් තියෙනවා… පල්ලෙහා රූපේ බැලුවම ඕක තියෙන තැන හොඳට තේරේවි…
එන්ජින් ඔයිල් රෙසර්වොයර් එක තියෙන තැන
එන්ජින් ඔයිල් රෙසර්වොයර් එකේ මුඩියේ තියෙන සලකුණ
  • ඊළඟට ඔයිල් රෙසර්වොයර් එකේ මුඩිය ගලවන්න… ගලවලා තමන් දාන එන්ජින් ඔයිල් එක අරගෙන පරිස්සමින් එතනට වත් කරන්න… මෙහෙම වත් කරලා විනාඩියක් විතර තියන්න ඕන ආයේ ඔයිල් චෙක් කරන්න කලින්… දාපු අලුත් එන්ජින් ඔයිල් එන්ජිමට ගිහිල්ල ඇතුලේ සෙට්ල් වෙන්න තමයි අපි ඒ කාලය දෙන්න ඕන…
  • විනාඩියකින් විතර පස්සේ නැවතත් ඔයිල් ලෙවල් එක බලන්න පුළුවන්… එතකොට Min, Max කට්ට දෙක අතරට ඔයිල් ලෙවල් එක ඇවිල්ලනං ඔයාගේ වාහනේ ඕන ගමනකට ලෑස්තියි…..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *