ටයිමින් බෙල්ට් එක පරික්ෂා කිරීම

ටයිමින්ග් බෙල්ට් එකෙන් මොකක්ද කරන්නේ කියන එක සරළව කිව්වොත් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි කැම් ෂාෆ්ට් එකයි කැරකෙනකොට ඒවායේ නියමිත පිහිටීම නොවෙනස්ව තබාගන්න එක තමයි  ටයිමින්ග් බෙල්ට් එකෙන් කරන්නේ..

ටයිමින් බෙල්ට් එක නිසා ක්‍රෑන්ක් ශාෆ්ට් එක යම් වාර ගණනක් කරකෙනවද ඒ ගානටම උඩ තියෙන කැම් ශාෆ්ටුත් කැරකෙනවා

ටයිමින්ග් බෙල්ට් එක චෙක් කරන්න කලින් ටයිමින්ග් බෙල්ට් එක එන්ජිමට සවිවෙලා තියෙන්නේ කොතනද කියල හොයාගන්න ඕනි… ඒක හරිම ලේසියි… ටයිමින්ග් බෙල්ට් එක තියෙන්නේ එන්ජින් එකේ දකුණු අත පැත්තේ…  ඉහත රූපයේ පරිදි ඔබට තේරෙනවා ඇති ටයිමින්ග් බෙල්ට් එක තියෙන්නේ හරියටම එන්ජිමේ එක පැත්තකින් කියල… එතකොට මේ බෙල්ට් එක තියෙන පැත්ත කවර වලින් වැහිලා තමයි තියෙන්නේ.. .. ඔන්න ඔය ප්ලාස්ටික් කවර වලින් තමයි ටයිමින්ග් බෙල්ට් එක ආවරණය වෙලා තියෙන්නේ…. ටයිමින්ග් බෙල්ට් එක තියෙන තැන සහ එය කවර වලින් වැහිලා තියෙන ආකාරය පහත රූපයෙන් දැක බලාගන්න…

ටයිමින් බෙල්ට් එක වැසී ඇති කවරය

අලුත් වාහන වල ටයිමින්ග් බෙල්ට් එක වෙනුවට ටයිමින්ග් චේන් එක තමයි තියෙන්නේ.. ටයිමින්ග් චේන් එක ලෝහ එකක් නිසා ඒක කැඩෙන්න තියෙන ඉඩ ඉතා අඩුයි.. ඒ නිසා අපි ටයිමින්ග් චේන් එක චෙච්ක් කරන විදිය සර්විස් එකේ ලියන්නේ නැතිව වෙනම පිටුවක ලියල තියෙනෙවා….

ටයිමින්ග් බෙල්ට් එක චෙක් කරන්න හෝ මාරු කරන එක ඉතා වැදගත්… මොකද සමහර වාහනවල මේ ටයිමින්ග් බෙල්ට් එක කැඩුනොත් සම්පූර්ණ එන්ජින් රෙපෙයාර් එකක් කරන්න වෙනවා…එකට හේතුව තමයි ඒ වාහනවල ඔය බෙල්ට් එක කැඩුනොත් එක්ස්හොස්ට් සහ ඉන්ටේක් වෑල්ව් කැඩීයාම…

 

ටයිමින්ග් බෙල්ට් එක චෙක් කරමු

අපි මුලින්ම බලමු ටයිමින්ග් බෙල්ට් එක චෙක් කරන්නේ කොහොමද කියලා..

ටයිමින්ග් බෙල්ට් එක චෙක් කරන්න පිටතින් බැහැ … එන්ජිම ආවරණය වෙලා තියෙන ඇතැම් කොටස් ගලවන්නම වෙනවා චෙක් කරන්න .. ටයිමින්ග් බෙල්ට් එක සවිවෙලා තියෙන විදිහ වාහන මාදිලියෙන් මාදිලියට වෙනස්… ඒ නිසා අපි මෙතැනදී ඒ ඒ වෙනස් වෙන කොටස් ගැන කතා කරන්නේ පොදුවේ.. නැතිනම් වාහනයෙන් වාහනයට පිටුව බැගින් ලියන්න වෙනවා.. බය වෙන්න එපා. ඒ පොදු දේවල් ටික අපි ඔබට පැහැදිලිව කියලා දෙනවා…ඒ දැනුම ආශ්‍රයෙන් ඔබට පුළුවනි ඔබගේ වාහනයේ ටයිමින්ග් බෙල්ට් එක මාරු කරන්න…

සැ.යු. : පහත දෑ කරන්න කලින් නෙගටිව් බැටරි ටර්මිනල් එක අනිවාර්යයෙන්ම ගලවන්න ඕනි……. එක ඔබේ ආරක්ෂාවටත් ඔබේ වාහනයේ ආරක්ෂාවටත් ඉතා වැදගත්…

එන්ජිම දකුණු පැත්තේ ඉඩ හදාගමු…

එන්ජිම දකුණු පැත්තේ තියෙන බෙල්ට් එක ගලවන්න නම් එක්කෝ එන්ජිම ගලවන්න ඕන.. නැතිනම් එන්ජිම වාහනයේ තියෙද්දීම බෙල්ට් එක ගලවන්න ඕන… එන්ජිම ගලවන එකනම් දැනට ඔබට කරන්න තියා හිතාගන්නවත් අමාරු වෙන්න පුළුවනි… ඒ නිසා අපි එන්ජිම ගලවන්නේ නැතිව බෙල්ට් එක ගලවමු…. එන්ජිම දකුණු පැත්තේ වැඩක් කරන්න ඉඩක් නැහැ… එකට හේතුව වයිපර් වොෂර් ටෑන්ක් එක, දකුණු පැත්තේ එන්ජින් මවුන්ට් එක, පුලි බෙල්ට් ටික වගේ දේවල් වලින් බෙල්ට් එක සහ ඊට පිටින් තියෙන කවර ටික වැහිලා තියෙන්නේ… ඒ නිසා මුලින්ම අපි ඔන්න ඔව්ව ගලවා ඉන්න ඕනි….

මුලින්ම ඔබ කරන්න ඕන දේ තමයි එන්ජින් එකේ තියෙන සියලුම පුලි බෙල්ට් ටික ගලවන්න ඕන… පුලි එකට සම්බන්ධ කරන බෙල්ට් වලට තමයි පුලි බෙල්ට් කියන්නේ… එක එක වාහන වල පුලි බෙල්ට් තියෙන විදිය වෙනස්… එතකොට අපිට මෙන්න මේක කියල පොදුවේ කියන්න බැහැ…

ඒ නිසා ඔබ ඔබේ වාහනයේ අඳුරගන්න පහත පුලි ටික…

1) ඕල්ටර්නේටර් එකේ පුලිය

2) AC කොම්ප්‍රෙෂර් එකේ පුලිය

3) පවර් ස්ටියරින්ග් පම්ප් එකේ පුලිය ( ඉලෙක්ට්‍රොනික් කන්ට්‍රෝල් පවර් ස්ටියරින්ග් වාහනවල මෙය නැහැ)

4) කූලන්ට් පම්ප් එකේ පුලිය

5) ක්‍රෑන්ක් පුලිය…

6) අයිඩ්ලර් පුලිය ( මේක තියෙන්නේ පුලි බෙල්ට් එක ස්ථාවරව තබා ගැනීමට පමණි)

ඊටපස්සේ අඳුරගන්න  ඔය පුලි දෙකක් හෝ තුනක් හෝ ඊටත් වැඩි ගණනක් ( අලුත් වාහන වල), එකට සම්බන්ධ වෙන බෙල්ට් ටික…

එන්ජිමේ දකුණු පැත්තේ මතුපිටින් තියෙන පුලි බෙල්ට් හා පුලි

පුලි බෙල්ට් ටික ගලවන විදිය ගැන මෙතන කෙටියෙන් දැනගන්නවාට වඩා විස්තරාත්මකව තියෙන මෙන්න මේ පිටුව කියවන්න….

වයිපර් වොෂර් ටෑන්ක් එක ගලවන්න.. මේක ගලවන්න හරිම ලේසිය්… ගොඩක් වාහනවල ඔය ප්ලාස්ටික් ටෑන්ක් එක චැසියේ තියෙන කට්ටයකට බස්සලා තියෙන්නේ.. එක නිකන්ම උඩට ඒ කට්ටය දිගේ උස්සලා ඉවතට ගන්න… මෙතැනදී මතක තියාගන්න ඊට කලින් වොෂර් ටෑන්ක් එකේ කුඩා වතුර පොම්පයට සම්බන්ධ වෙන වයර් කනෙක්ටර් එක ගලවන්න… ඔය විදියටම කූලන්ට් රෙසවොයර් එකත් ගලවන්න ඔබ හිතනවානම් ඉඩ මදියි කියා…

වයිපර් වොෂර් ටෑන්ක් එක මේ විදියට පැත්තෙන් බුරුල් කරලා ඔසවන්න
වයිපර් වොෂර් ටෑන්ක් එක ගැලෙව්වම පේන විදිය

එන්ජින් එකේ මවුන්ට් එකක් තියෙනවා දකුණුපැත්තේ.. ඒක ගොඩක් වාහනවල එන්ජින් එකේ දකුණු පැත්තේ තියෙන තැනකටයි චැසියටයි තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ…

මේ මවුන්ට් එක ගලවන්නම වෙනවා මොකද ගොඩක් වාහනවල ටයිමින්ග් බෙල්ට් එක එලියට ගන්න බැහැ ඒක ගලවන්නේ නැතිව.. මවුන්ට් එක ගලවන්න කලින් ඔබ මතක තියාගන්න ඕන එන්ජිම යටට එන්ජිම තියෙන ලෙවල් එකේම තියෙන විදියට යටින් යම් ආධාරකයක් තියන්න.. එකට හේතුව තමයි මේ මවුන්ට් එක ගැලෙව්වම එන්ජිම ටිකක් පහත වෙන්න පුළුවනි.. ඒකෙන් අනිත් මවුන්ට් වලට වැඩි බරක් එන්නත පුළුවනි… ඒ වගේම ගලවපු මවුන්ට් නැවත එක හයිකරන්න යද්දී එන්ජින් එක මවුන්ට් එක හයි වෙලා  තියෙද්දී තිබ්බ විදියටම තියෙන්න ඕන.. නැතිනම් මවුන්ට් එක සෙට් වෙන්නේ නැහැ හරියට…

ආධාරකය තියන්න ඕන එන්ජින් එකේ යට මවුන්ට් එක තියෙන පැත්තේ එනම් දකුණු පැත්තේ තියෙන ශක්තිමත් ලෝක කොටසකට…  එවැනි ලෝහ කොටසක් හොයාගන්න නම් එන්ජින් එක යට රිංගන්න වෙනවා… ඔට අමතරව එන්ජින් එක යට තියෙන එන්ජින් ප්‍රොටෙක්ෂන් කවර ටික ගලවන්න වෙනවා…

මේකෙදි පළවෙනියට වාහනේ යට රියදුරු අසුන පැත්තේ තියෙන ප්ලාස්ටික් කවරේ ගලවන්න ඕන… මේක තියෙන්නේ එන්ජිමේ ආරක්ෂාවට… මේ කවරේ හයි වෙලා තියෙන හැටි වාහනෙන් වාහනේට වෙනස්… ගොඩක් වෙලාවට බෆර් එකට ඇන වලින් හයි වෙලා තමයි මේ කවරය තියෙන්නේ… කඩන්නේ නැතුව ඒක ගලවගත්තට පස්සේ සිරස් අතට එන්ජිමට හයි වෙලා තියෙන තවත් කවරයක් තියේවි… අන්න ඒ කවරයත් ගලවගන්න ඕන… ඔය කවර දෙක තියෙන තැන් පහල රූපෙන් පෙන්නනවා…

දැන් ඔය ප්‍රොටෙක්ෂන් කවර ගලවල, යට රිංගල බලපුවම පෙනෙනවා ඔයිල් සම්ප් එක.. එකට තියන්න නම් එපා ආධාරකය… ඊටපස්සේ ක්‍රෑන්ක් පුලිය එකට තියන්නත් එපා.. ඔන්න ඔය වගේ ප්‍රධාන කොටස් අතෑරලා ලෝහ කොටසකට තියන්න.. ආධාරකය හැටියට ඔබට තියන්න පුළුවන් ලී කුට්ටියක්.. හැබැයි ලී කුට්ටිය අවශ්‍ය උසට වෙනස් කරගන්න බැහැ .. ඒ නිසා ආධාරකය තියෙන එන්ජින් එකේ ලෝහ කොටස පොළොවේ මට්ටමේ සිට තියෙන උසට වඩා අඩු උසක් තියෙන ලී කුට්ටියක් අරගෙන එක උඩින් කුඩා ලී කෑලි තිය තිය සෙට් කරගන්න…  මේකට ගොඩක් ශක්තිමත් ආධාරකයක් තියන්න ඕන නැහැ.. එන්ජින් එක කොහොමත් අනිත් මවුන්ට් වලින් අල්ලන් ඉන්නේ… අපි මේකෙන් කරන්නේ මේ මවුන්ට් එක ගැලෙව්වම එන්ජින් එක හෙලවෙන්නේ නැතිව තිබ්බ විදියටම තියාගන්න එක විතරයි….

එන්ජින් මවුන්ට් එකට ආධාරකය තියන හැටි

දැන් මවුන්ට් එක ගලවන්න.. මවුන්ට් ගලවන එක එක විදි තියෙනවා… ඒවා පැහැදිලිව මෙන්න මේ පිටුවේ කියල තියෙනවා

මවුන්ට් එකත් ගැලෙව්වට පස්සේ කරන්නේ තියෙන්නේ ටයිමින්ග් බෙල්ට් එක ආවරණය වෙලා තියෙන කවර ටික ගලවන එකයි…

 

ටයිමින්ග් බෙල්ට් කවර් ටික ගලවමු

ටයිමින්ග් බෙල්ට් කවර් ටික වාහනයෙන් වාහනයට වෙනස්.. එකක් හෝ කවර් කිහිපයක් තියෙන්න පුළුවනි… මේ කවර් තියෙන්නේ ටයිමින්ග් බෙල්ට් එකට එළියෙන් එන දූවිලි, මඩ සහ වතුර වැනි දේ ඇතුලට එන එක වලක්වන්න..

කවර් කිහිපයක් තියෙනවානම් උඩ තියෙන කවර් එක හෝ කිහිපය ගලවන්න..නමුත් යටම තියෙන කවර් එක ගලවන්න කලින් ක්‍රෑන්ක් පුලිය ගලවන්න ඕනි..ටයිමින්ග් බෙල්ට් කවර සෙට් එක එන්ජිමේ ලෝහ කොටසට හරියටම තද වෙලා තියෙන්නේ බෝල්ට් වලින්… හරියන රින්ච් එක ආධාරයෙන් ඒ ඒ කවරයට අදාළ බෝල්ට් ටික ගලවන්න… ඊට පස්සේ කවරය ගලවන්න.. එහෙමෙ එහෙම එකින් එක කවර ගලවන්න…

යටම තියෙන කවර් එක ගලවන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද අපි කරන්නේ ටයිමින්ග් බෙල්ට් එක චෙක් කරන එකනේ.. උඩ කවර ගැලෙව්වම ටයිමින්ග් බෙල්ට් එකේ දෙපැත්තම පේන කොටසක් පේනවා… ඒ ටික ඇති සම්පූර්ණ බෙල්ට් එක චෙක් කරන්න… පේන ටික චෙක් කරලා ඊට පස්සේ හෙමීට ක්‍රෑන්ක් පුලිය වාමාවර්තව කරකවන්න…මතක තියාගන්න වාමාවර්තව…එහෙම කරකවලා බෙල්ට් එකේ පෙන්නේ නැති ටික චෙක් කරගන්න … දැන් ඔබට ප්‍රශ්නයක් කොහොමද ක්‍රෑන්ක් පුලිය කරකවන්නේ කියලා.. ඒක සරලයි… එන්ජිම යටින් පුලිය දිහා බැලුවම ඔබට පේනවා පුලිය රවුම මැද්දේ බෝල්ට් එකක් තියෙනවා අන්න ඒ බෝල්ට් එක රින්ච් එකකින් අල්ලලා.වාමාවර්තව කරකවන්නයි ඕන…තේරෙන්නේ නැතිනම් බලන්නකෝ පහත රූපය එකේ තියෙනව ක්‍රෑන්ක් පුලිය.. පුලිය මැද්දේ තියෙන්නේ අර කිව්වා බෝල්ට් එක…

ටයිමින්ග් බෙල්ට් එක හොඳ තත්වයේ තියෙනවද?

දැන් අපි බලමු ටයිමින්ග් බෙල්ට් එක හොඳ තත්වයේ තියෙනවද? නැතිනම් වහාම මාරු කරන්න ඕනිද? කියන එක හොයාගන්නේ කොහොමද කියල…

මේ ටයිමින්ග් බෙල්ට් එකේ ඇතුල් පැත්තේ හරහට දැති තියෙනවා.. ඔන්න ඔය දැති කැම් ෂාෆ්ට් එකේ සහ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ දැති වලට හොඳට සෙට් වෙලා තියෙන්නේ.. පහත රූපය බලන්නකෝ.. එතකොට තේරෙයි… රූපයේ උඩ තියෙන දැති රෝදය තමයි කැම් ෂාෆ්ට් දැති රෝදය… යට තියෙන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ දැති රෝදය…එත් එක්කම ඔයාලට පේනවා ඇති බෙල්ට් එක එලිය පැත්තෙන් පුලියකට තද වෙලා තියෙනවා.. ඒ තවත් අයිඩ්ලර් පුලියක්.. ඒකත් තියෙන්නේ අපි අර මුලින් කිව්වා වගේ මේ ටයිමින්ග් බෙල්ට් එකත් ස්ථාවරව තද කරගෙන තබාගන්න… මේකෙන් අපිට ඕන හැටියට කුඩා ප්‍රමාණයකින් ටයිමින්ග් බෙල්ට් එක තද හෝ බුරුල් කරන්න පුළුවනි…

ටයිමින්ග් බෙල්ට් එකේ තියෙන ඔන්න ඔය දැති කැඩිලා ගිහින්ද කියල හොඳට බලන්න..මෙන්න මේ වගේ…

එත් එක්කම බලන්න දැති වල ඉතා කුඩා පැලීම් (cracks) තියෙනවද කියලා… මැනුවල් එකේ ඔය කුඩා පැලීම් (cracks) දක්වලා තියෙන හැටි…

අනික තමයි බෙල්ට් එකේ පිට පැත්තේ ඉතා කුඩා පැලීම් (cracks) තියෙනවද කියලත් බලන්න… මෙන්න මේ වගේ…

අනික තමයි බෙල්ට් එකේ පැත්තකින් වැඩිපුර ගෙවිලද/ කැඩිලද කියලා..මෙන්න මේ වගේ