ටොයෝටා කරීනා

ටොයෝටා කරීනා AT 21# (1998 සිට 2000 දක්වා)

6th ජෙනරේෂන් එකට (Toyota Carina 19# Series)   වඩා,

  1. බාහිර පෙනුමේ ස්ටයිලිෂ් ගතිය වැඩිපුර පෙන්නුම් කර තිබීම. – පළල ග්‍රිල් එක, වැඩිපුර පෙනෙන බම්පර් එක, විශාල හෙඩ් ලයිට්ස් වගේ දේවල් වලින් ස්ටයිලිෂ් ගතිය Carina 19# සීරීස් එකට වඩා වැඩි කරගෙන තිබීම.
  2. වැඩි දියුණු කල මගී ආරක්ෂාව (safety) – 19# සීරීස් එකේ ඩුවල් එයාර් බෑග්ස් තිබුනේ ඔප්ෂන් එකක් විදියට. මේ සීරීස් එකේ ඩුවල් එයාර් බෑග්ස් සාමාන්‍යයෙන් එන එකක්. 
  3. ඉන්ධන කාර්යක්ෂමතා තාක්ෂණයක් (Fuel Economy Technology) ලබා දී තිබීම. VVT (Variable Valve Timing භාවිත කර තිබීම – Carina GT 4A-GE Engine).
  4. පහසුවෙන් හැසිරවිය හැකි වීම.

එන්ජිම

මේ ජෙනරේෂන් එකේ එන්ජින් වර්ග පහක් ඇවිත් තියෙනවා..ඒවායින් උසස් තාක්ෂණයකින් නිර්මාණය කර තියෙන 4A-GE එන්ජිම සහිත Carina GT මාදිලිය 1600 cc ධාරිතාවයකින් යුක්තයි.. මීට අමතරව Carina 19# සීරීස් එකේ තිබුන 7A-FE ( 1800cc) සහ 5A-FE (1500cc) එන්ජිම් සහිත පිළිවෙලින් Carina Si සහ Carina Ti මාදිලි මේ ජෙනරේෂන් එකේ 2WD පෙට්‍රල් වාහන විදිහට ඇවිත් තියෙනවා. 4WD පෙට්‍රල් වාහනයේ එන්ජිම 3S-FE වන අතර එහි සිලින්ඩර් ධාරිතාවය 2000cc වෙනවා.. මෙහි මාදිලිය Carina Si මාදිලියම තමයි. 

ඩීසල් වාහන විදියට ඇවිත් තියෙන්නේ 2C-T එන්ජිම සහිත Carina Ti මාදිලියයි. මේ මාදිලිය 2WD සහ 4WD යන දෙකෙන්ම ඇවිත් තියෙනවා. සිලින්ඩර් ධාරිතාවය 2000cc වෙනවා. 

සිලින්ඩර් ධාරිතාවය වැඩිනම් වාහනය තෙල් කරන්නේ නැහැ කියල වැරදි මතයක් සමාජයේ තියෙනවා. අපි බලමු මේ එක් එක් මාදිලිවල තෙල් වැඩ කරන්නේ කොහොමද කියල.

 

තෙල් වැඩ කරන ප්‍රමාණය

ටොයෝටා Carina GT මාදිලිය ඇවිත් තියෙන්නේ ඒ කාලේ හැටියට තිබුන නවීනතම තාක්ෂනය අනුගමනය කරලා. VVT තාක්ෂනය ඇවිත් තියෙනවා, ඒ වගේම වෑල්ව් 5ක් එක සිලින්ඩරයකට ඇවිත් තියෙනව නමුත් මේ Carina GT කියන මාදිලිය තෙල් කරන්නේ නම් අනික් ඒවාට වඩා ටිකක් අඩුවෙන්. නිෂ්පාදකයාගේ දත්ත අනුව Carina GT මාදිලිය 10.15 මෝඩ් එකේ මැනුවල් ගියර් නම් පෙට්‍රල් ලීටරයට කි.මි. 12.6කුත් ඔටෝමැටික් නම් පෙට්‍රල් ලීටරයට කි.මි. 11 කුත් කරනවා. 

ටොයෝටා Carina Si 2WD මාදිලිය කලින් ජෙනරේෂන් එකේ Carina 19# සීරීස් එකේ තිබුන 7A-FE එන්ජිමෙන් ද,  එහිම 4WD මාදිලිය 3S-FE එන්ජිමෙන්ද ඇවිත් තියෙනවා. පිලිවෙලින් මේ එන්ජින් වල තෙල් කරන ප්‍රමාණය 10.15 මොඩ් එක අනුව පහත දැක්වෙනවා.

ටොයෝටා Carina Ti 2WD මාදිලිය කලින් ජෙනරේෂන් එකේ Carina 19# සීරීස් එකේ තිබුන 5A-FE එන්ජිමෙන්ද, එහිම 2WD ඩීසල් මාදිලිය 2C-T ඩීසල් එන්ජිමෙන්ද ඇවිත් තියෙනවා. පිලිවෙලින් මේ එන්ජින් වල තෙල් කරන ප්‍රමාණය 10.15 මෝඩ් එක අනුව පහත දැක්වෙනවා.

ටොයෝටා Carina Ti ඩීසල් මාදිලියේ 4WD එක ඇවිත් තියෙන්නේ 2C-T එන්ජිමෙන්. එහි තෙල් කරන ප්‍රමාණය 10.15 මෝඩ් එකට අනුව පහත දැක්වේ. 

මීට අමතරව ඉහත විස්තර සහිත ඉතා වැදගත් විස්තර වගයක් සාරාංශව පහත දක්වලා තියෙනවා..

 

වාහනයේ දිග පළල සහ උස

මේ සීරීස් එකේ දිග පළල උස ගත්තාම මේක මීට කලින් සීරීස් එක ඒ කියන්නේ Carina 19# සීරීස් එකට තියෙන දිගින් සහ පළලින් සමානයි.. ඒ වගේම උසින් මිලිමීටර් 5කිනුත් ඒ වගේම පළලින් මිලිමීටර් 25කිනුත් වැඩියි. මේ හා සමාන රථ වල දිග, පළල සහ උස පහත වගුවේ දක්වලා තියෙනවා සංසන්දනය කරන්න පුළුවන්.

ඒ සීරීස් එකට වඩා Carina GT මාදිලිය තරඟකාරී ලෙස පැදවීමට උචිත වෙන විදිහට සාදා තියෙන නිසා වේගයෙන් හරවන කෙටි වංගු වලදී ස්ථාවරභාවය ලබාගැනීමට තරමක් පහතින් ( මිලිමීටර් 10ක් ) සාදා ඇත. ඒ අනුව Carina GT මාදිලියේ උස මිලිමීටර් 1400කි. සාමාන්‍ය භාවිතයට ගැනෙන මාදිලි වන Carina Si සහ Carina Ti මාදිලිවල උස මිලිමීටර් 1410කි. මේ සියලුම මාදිලි 2WD මාදිලි වේ.

4WD මාදිලි වන Carina Si සහ Carina Ti මාදිලි වල උස මිලිමීටර් 1420කි. 

 

වීල් බේස් එක  

මේ සීරීස් එකේ හැම මාදිලියකම වීල් බේස් එක මිලිමීටර් 2580ක් වෙනවා. මේක ටොයෝටා Corolla 1990 ගණන් වල ඉඳලා 2005 දක්වා ආව සීරීස් එකේ වීල් බේස් එකට වඩා තරමක් වැඩි අගයයක්. ඒ නිසාම ඇතුලත ඇති ඉඩ ප්‍රමාණය සහ සුව පහසුව ටොයෝටා Corolla 1990 ගණන්වල සිට 2005 දක්වා ආපු සීරීස් එකට වඩා වැඩියි. අද කාලේ තියෙන ටොයෝටා Premio 260 මාදිලියේ වීල් බේස් එක මිලිමීටර් 2700ක්. එතකොට ටොයෝටා Premio මාදිලියේ  ඇතුලත ඉඩ සහ සුව පහසුව මීටත් වඩා වැඩියි.

 

යෙදිය හැකි උපරිම බලය 

තව දෙයක් තියෙනවා.. ඔබට පේනවා ඇති එන්ජිමෙන් යොදන්න පුළුවන් උපරිම බලය, 2000cc මාදිලියේ වාහන සහිත බව. ඉතින් බර අදින්න පුළුවන් වෙන්න ඕන නම් ගන්න ඕන වෙන්නේ 2C-T එන්ජිම සහිත Carina Ti හෝ 3S-FE එන්ජිම සහිත Carina Si මාදිලියයි. 

 

ලංකාවේ බහුලව ඇති මාදිලි

අපි ඉහත කිව්වා එන්ජින් වශයෙන් වෙන් කලොත් මාදිලි 5ක් ගැන. ඔය මාදිලි වලින් ලංකාවේ බහුලවම දකින්නට ලැබෙන මාදිලි තමයි,

  1. Carina Ti 5A-FE එන්ජිම (1500cc, පෙට්‍රල්) සහිත මාදිලිය – වාහන තහඩුවේ මේ මාදිලිය මැනුවල් ගියර් නම් AT212-CEMMK විදිහටද ඔටෝ ගියර් නම් AT212-CEPMK විදිහටද ගහලා තියෙනවා. මේ නොම්බරයෙන් තමයි මාදිලිය තවත් මාදිලියකින් වෙන්කර හැඳිනගැනීමට ලේසියෙන් පුළුවන් වෙන්නේ.. ඒ නිසා මේ නොම්බර දැනගැනීම ඉතා වැදගත් ඔබ Carina වාහනයකට කැමති කෙනෙක් නම්.
  2. Carina Si 7A-FE එන්ජිම (1800cc, පෙට්‍රල්) සහිත මාදිලිය – වාහන තහඩුවේ මේ මාදිලිය මැනුවල් ගියර් නම් AT211-CEMEK විදිහටද, ඔටෝ ගියර් නම් AT211-CEPEK විදිහටද ගහලා තියෙනවා.
  3. Carina Ti 2C-T එන්ජිම (2000cc, ඩීසල්) සහිත මාදිලිය – වාහන තහඩුවේ මේ මාදිලිය මැනුවල් ගියර් නම් CT210-CEMMX විදිහටද, ඔටෝ ගියර් නම් AT210-CEPMX විදිහටද ගහලා තියෙනවා.
  4. Carina GT 4A-GE එන්ජිම (1600cc පෙට්‍රල්) සහිත මාදිලිය. වාහන තහඩුවේ මේ මාදිලිය මැනුවල් ගියර් නම් AT210-CEMVF විදිහටද, ඔටෝ ගියර් නම්  AT210-CEPVF විදිහටද ගහලා තියෙනවා. ලංකාවේ සමහරු Carina බ්ලැක් ටොප් කියලා කියන්නේ මෙන්න මේ මාදිලියට. මේ මාදිලියේ තමයි අපි උඩදී කියලා තියෙන විදිහට ඒ කාලේ හැටියට නවීන තාක්ෂනය භාවිතා කරලා නව එන්ජිමක් නිර්මාණය කරලා තියෙන්නේ. VVT සහිතව ඒ වගේම එක සිලින්ඩරයකට වෑල්ව් 5ක් එන විදිහට තමයි හදලා තියෙන්නේ. මේ විදිහට කරලා තියෙන නවීන තාක්ෂණික ලක්ෂණ මඟින් ඉතා ඉක්මනින් වාහනය පදවන්නාට අවශ්‍ය වේගය ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක්.