බ්‍රේක් ගැන මේ දේවල් දැනගෙන හිටියද?

බ්‍රේක් සිස්ටම් එක කියන්නේ ඔබගේ වාහනයේ ඉතාමත් වැදගත් දෙයක්… වාහන උණ තියෙන කෙනෙක් අනිවාර්යෙන්ම දැනගත යුතු මේ බ්‍රේක් සිස්ටම් එක ගැන කියන්න අපි මේ පිටුව වෙන්කළා… බ්‍රේක් වදින්නේ කොහොමද කියල සියලු තාක්ෂණික කරුණු එක්ක මේ ලිපියෙන් බලාගන්න පුළුවන් වෙයි…

මුලින්ම අපි බලමු බ්‍රේක් සිස්ටම් එකේ තියෙන්නේ මොනවාද කියල… පහත රූපය බලන්න..

<Break system, labeled diagram>

ඉහත රූපයේ ඔබට පේනවා ඇති පහත දේවල්.. ඒවා තමයි…

1) බ්‍රේක් පෙඩල් එක

2) බ්‍රේක් බූස්ටර් එක

3) මාස්ටර් සිලින්ඩර් එක

4) ඩිස්ක් බ්‍රේක්

5) ඩ්‍රම් බ්‍රේක්

6) පාර්කින්ග් බ්‍රේක් ලීවර් එක

7) පාර්කින්ග් බ්‍රේක් කේබල් එක…

 

මුලින්ම අපි ඒවා මොනවාද කියලා බලමු…

 

1) බ්‍රේක් පෙඩල් එක…

අපි කවුරුත් දන්නවා බ්‍රේක් පෙඩල් එක පෑගුවාම තමයි බ්‍රේක් වදින්නේ කියල… එතකොට ඔබ හිතලා නැද්ද මේ තරම් වේගයෙන් යන වාහනයක් නවත්වන්න තරම් බලයක් කොහොමද අපි කිසිම අමාරුවක් නැතිව පාගන ඔන්න ඔය බ්‍රේක් පෙඩල් එක හරහා දෙන්නේ කියලා?
අපි දෙන කුඩා බලය ලොකු කරලා දෙන තැන් ගොඩක් බ්‍රේක් සිස්ටම් එකේ තියෙනවා.. ඉන් එකක් තමයි බ්‍රේක් පෙඩල් එක… අපි පෙඩල් එක පාගනකොට දෙන බලය පෙඩල් එක විසින්ම ලොකු බලයක් බවට පත් කරන හැටි ඔබට පහත රූපයෙන් පෙන්නලා තියෙනවා…

<Break pedal connected to master cylinder>

ඔය රූපයේ හැටියට අපි කකුලෙන් පාගලා ලබා දෙන බලය F1, ඒ වගේම බ්‍රේක් මාස්ටර් සිලින්ඩරය දෙසට සම්ප්‍රේෂණය වෙන බලය F2…ඉතින් බ්‍රේක් පෙඩල් එක ලක්ෂ්‍යයක් වටා කරකැවෙන නිසා, සෑම විටම පහත පරිදි වෙනවා….

A X F1 = B X F2

A යනු ලක්ෂ්‍යයේ සිට කකුලෙන් පාගන තැනට තියෙන දුරයි… B යනු ලක්ෂ්‍යයේ සිට බ්‍රේක් මාස්ටර් සිලින්ඩරය තද වෙන තැනට තියෙන දුරයි… ඔබට රූපයේ පේනවා ඇති B ට වඩා A ගොඩක් දිගයි කියලා… ඒ අනුව F1 වලට වඩා F2 ගොඩක් විශාල බව ඔබට තේරෙන්න ඕන….  ඔන්න ඔහොම තමයි එක විදියකින් බලය වැඩි කරලා දෙන්නේ….

 

2) බ්‍රේක් බූස්ටර් එක…

අපි දැන් බලමු බ්රේක් බූස්ටර් එකේ කියන්නේ මොකක්ද මොකටද තියෙන්නේ කියලා…බ්‍රේක් බූස්ටර් එක තියෙන්නේ බ්‍රේක් පෙඩල් එකේ පුෂ් රොඩ් එකයි මාස්ටර් බ්‍රේක් සිලින්ඩරයයි අතර… බ්‍රේක් බූස්ටරයෙන් කරන්නේ අපි පෙඩල් එක පාගන බලයට වඩා විශාල බලයක් පාගනකොට ලබාදෙන එක… ඒක කරන්නේ රික්තකයක් ආධාරයෙන්… ඔබ දන්නවා ඇති වාහනයේ එන්ජිම පනගන්වනකොට එන්ජිමේ හුලන් පද්ධතියේ ඇතිවෙනවා කියලා රික්තකයක්.. . ඉතින් ඔය හුලන් පද්ධතියට බටයකින් බ්‍රේක් බූස්ටරය සම්බන්ධ වෙලා තියෙන්නේ… එහෙම සම්බන්ධ වෙන්නේ එන්ජිමේ අපි කවුරුත් දන්න ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට….

පහත රූපය බලන්නකෝ…ඔය රූපයේ පෙන්නලා තියෙනවා බ්‍රේක් බූස්ටරය… ඒ වගේම බූස්ටරය එන්ජිමේ වැකුම් පද්ධතියට සම්බන්ධ වෙන බටය සහ ඒ බටයේ අනෙක් කෙලවර සම්බන්ධ වෙලා තියෙන ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක….

බ්‍රේක් බුස්ටර් එක තියෙන තැන

ඊළඟ රූපයේ තියෙන්නේ බ්‍රේක් බූස්ටරය, මාස්ටර් සිලින්ඩරය සහ බ්‍රේක් පෙඩල් එක සම්බන්ධ වෙලා තියෙන විදිය….

<Break booster picture from the video obtained>

අපි බ්‍රේක් පෙඩල් එක  පාගනකොට බ්‍රේක් බූස්ටරයේ තියෙන පුෂ් රොඩ් එක අපි පාගන බලයට වඩා ලොකු බලයකින් බූස්ටරය ඇතුලට තද වෙනවා…

ඊළඟ රූපයේ තියෙන්නේ බ්‍රේක් බූස්ටරය ඇතුලේ තියෙන දේ පැත්තෙන් පේන විදිය… ඔබට පේනවා ඇති බූස්ටරය බ්‍රේක් පෙඩල් එක පැත්තෙනුයි මාස්ටර් සිලින්ඩරය පැත්තෙනුයි දෙකට වෙන්වෙලා තියෙනවා කියල.. අපි බ්‍රේක් පෙඩල් එක පාන්නේ නැති වෙලාවේදී ඔන්න ඔය කුටීර දෙක වෑල්ව් එකක් හරහා සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ…

එතකොට එන්ජින් එකේ වැකුම් පද්ධතිය සම්බන්ධ වෙලා තියෙන්නේ මාස්ටර් සිලින්ඩරය පැත්තේ තියෙන කුටීරයටයි.. ඉතින් ඒ පැත්තේ ඉඳල බූස්ටරය ඇතුලේ තියෙන හුලන් ඇදෙනකොට  කුටීර දෙක අර වෑල්ව් එකෙන් සම්බන්ධවෙලා තියෙන නිසා කුටීර දෙකේම වැකුම් එකක් හැදෙනවා…. පහත රූපය බලන්නකෝ…

<>

එතකොට දැන් අපි බ්‍රේක් පෙඩල් එක පාගනකොට දේවල් දෙකක් වෙනවා… එකක් තමයි අර කිව්වා වෑල්ව් එක වැහිලා කුටීර දෙක සම්පූර්ණයෙන් වෙන්වෙනවා… අනිත් දේ තමයි බ්‍රේක් පෙඩල් එක පැත්තේ කුටීරය පෙඩල් එක බූස්ටරයට සම්බන්ධවෙන තැන තියෙන වෑල්ව් එකක් මඟින් එළියේ වාතයට සම්බන්ධ වෙන එක.. එතනදී වෙන්නේ බ්‍රේක් පෙඩල් එක පැත්තේ තියෙන කුටීරයේ පීඩනය එළියේ වාතයේ පීඩනයට සමාන වෙන එක… පහත රූපය බලන්න…

<>

ඔබට පේනවා බ්‍රේක් පෙඩල් එක පැත්තේ තියෙන කුටීරයේ පීඩනය වාතයේ පීඩනයට සමාන වෙලා කියල.. ඒ වගේම මාස්ටර් සිලින්ඩරය පැත්තේ තියෙන කුටීරයේ පීඩනය එන්ජිමේ වැකුම් සිස්ටම් එකේ පීඩනයට සමාන වෙලා කියල.. ඒ අනුව බ්‍රේක් පෙඩල් එක පැත්තේ තියෙන කුටීරය පැත්තේ ඉඳල මාස්ටර් බ්‍රේක් සිලින්ඩරය පැත්තේ තියෙන කුටීරයට මෙන්න මේ පීඩන වෙනස නිසා ඉතා ලොකු බලයක් අපි බ්‍රේක් පෙඩල් එක පාගනකොටයෙදෙනවා පහත රූපය බලන්නකෝ…..

<>

අපි නැවත බ්‍රේක් පෙඩල් එක අතාරිනකොට වෙන්නේ අර කලින් කිව්ව කුටීර දෙක සම්බන්ධ කරන වෑල්ව් එක ඇරෙන එක සහ බ්‍රේක් පෙඩල් එක පැත්තේ පුෂ් රොඩ් එකට සම්බන්ධ වෑල්ව් එක වැහෙන එක.. එහෙම උනාම කුටීර දෙකටම එන්නේ එකම පීඩනයක්… ඒ නිසා බ්‍රේක් එක මාස්ටර් සිලින්ඩරය දෙසට තල්ලුවෙන්නේ නැහැ….

දැන් ඔබ දන්නවා ඇයි  බ්‍රේක් බූස්ටරය තියෙන්නේ ඒ වගේම මොකක්ද බ්‍රේක් බූස්ටරයේ වෙන්නේ කියලා…

 

3) මාස්ටර් බ්‍රේක් සිලින්ඩර් එක

බ්‍රේක් මාස්ටර් සිලින්ඩරය ගැන කියන්න කලින් මේ දේ ඔබ දැනගන්න ඕන… මේ වෙද්දී අපි දන්නවා අපි බ්‍රේක් එක පාගනකොට ඒ පාගන බලයට වඩා ඉතා විශාල බලයක් සහිතව බූස්ටර් එකේ පුෂ් රොඩ් එක මාස්ටර් සිලින්ඩරය දෙසට තදවෙන බව… එතනින් එහාට අපි මොකක්ද වෙන්නේ කියල දන්නේ නැහැනේ… ඉතින් මේ මාස්ටර් බ්‍රේක් සිලින්ඩරය ගැන කතා කරන්න කලින් ඒක දැනගන්න එක වැදගත්… පහත රූපය බලන්නකෝ…

<Picture of force transmission via master cylinder>

ඕකේ හැටියට ඔබට පේනවා ඇති අපි බ්‍රේක් පාගනකොට, බූස්ටර් එකේ පුෂ් රොඩ් එක මගින් මාස්ටර් සිලින්ඩරය තද වෙනවා කියල…

ඔය මාස්ටර් සිලින්ඩරය තදවෙනකොට මාස්ටර් සිලින්ඩරයට සම්බන්ධ වෙලා තියෙන බ්‍රේක් බට වලින් බ්‍රේක් ඔයිල් රෝද වල තියෙන සිලින්ඩරය දෙසට තල්ලු වෙනවා… එතකොට රෝදවල තියෙන සිලින්ඩර් පිස්ටන් ඉවතට තල්ලු වෙනවා… පහත රූපය බලන්නකෝ…

<https://www.youtube.com/watch?v=Xk2zGvKfrhc>

එතකොට ඔබට තේරෙනවා ඇති මාස්ටර් සිලින්ඩර් එකේ මගින් රෝදවල තියෙන පිස්ටන් ඉවතට යවලා බ්‍රේක් පෑඩ් රෝදවලට තද කරන එක…එතකොට ඒක එහෙම වෙන්නේ මාස්ටර් බ්‍රේක් සිලින්ඩර් එකේ තියෙන බ්‍රේක් ඔයිල් රෝදවල තියෙන පිස්ටන් දෙසට තල්ලු වීමෙන්.. මේ සඳහා ඔබට තේරෙන්න ඕන මාස්ටර් බ්‍රේක් සිලින්ඩරය, රෝදවල තියෙන සියලුම බ්‍රේක් සිලින්ඩර් සහ ඒවා එකිනෙකට සම්බන්ධවෙන බ්‍රේක් බට ටික සම්පුර්ණයෙන්ම බ්‍රේක් ඔයිල් වලින් පිරෙන්න ඕන කියලා… කිසිම වායු බුබුලක්වත් තියෙන්න හොඳ නැහැ…

දැන් අපි බලමු මාස්ටර් බ්‍රේක් සිලින්ඩරය ඇතුලේ මොනවද තියෙන්නේ කියල… පහත රූපය බලන්න….ඔබට පේනවා ඇති බ්‍රේක් ඔයිල් වැඩිපුර තියාගන්න බෝතලයක්, මේකට කියන්නේ බ්‍රේක් ෆ්ලුයිඩ් රිසවෝයර් ( Break Fluid Reservoir) එක කියලා…

ඊළඟට ඔබට පේනවා ඇති මාස්ටර් සිලින්ඩරය තුලින් සිලින්ඩර් දෙකකට කඩලා තියෙනවා.. ඒ දෙකට වෙනමම පිස්ටන් දෙකකුත් තියෙනවා ( Piston 1 and Piston 2) … වෙනමම තිබුනට ඒ දෙකම එකවරම තමයි තදවෙන්නේ අපි බ්‍රේක් පෙඩල් එක පාගනකොට…එත් එක්කම පිස්ටන් එකයි සිලින්ඩරයයි අතර ස්ප්‍රින්ග් එකකුත් ඒ සිලින්ඩර් දෙකේම තියෙනවා… මේකෙන් වෙන්නේ අපි බ්‍රේක් පාගල අතාරිනකොට අර කිව්ව පිස්ටන් දෙක ආපහු කලින් තිබ්බ තැනට ගන්න එකයි…..

අර කිව්ව සිලින්ඩර දෙක වෙන වෙනමමයි ක්‍රියා කරන්නේ…ඒ දෙක එකට සම්බන්ධ වෙලා නැහැ… මේ නිසා ඔය කිව්ව සිලින්ඩර දෙකටම බ්‍රේක් ෆ්ලුයිඩ් රිසවෝයෙර් එක සම්බන්ධ වෙලා තියෙනවා… රූපය බලන්න පැහැදිලිව ඒක පෙන්නලා තියෙනවා…

සිලින්ඩර දෙකේ පිස්ටන් දෙක තද වෙලා නැති අවස්ථාවක, ඒ කියන්නේ අපි බ්‍රේක් පාගාගෙන ඉන්නේ නැති වෙලාවක, සිලින්ඩර දෙක ඔය පෙන්නලා තියෙන A සහ B කියන කටවල් වලින් රෙසවෝයර් එක සමග සම්බන්ධ වෙලා තියෙන්නේ… මේ නිසා බ්‍රේක් ඔයිල් හැමවිටම  රිසවෝයර් එකෙන් සිලින්ඩරවලට ලැබෙනවා…

අපි බ්‍රේක් පෙඩල් එක පාගනකොට පහත රූපයේ වගේ පුෂ් රොඩ් එකෙන් සිලින්ඩර දෙකේ පිස්ටන් දෙක තද වෙනවා… ( ඒ කියන්නේ පිස්ටන් දෙක වම් පැත්තට යනවා…) එහෙම යනකොට ඔබට පේනවා ඇති ඒ ඒ සිලින්ඩරයේ පිස්ටන්, අර රෙසවොයර් එකෙන් බ්‍රේක් ඔයිල් සිලින්ඩරයට ලැබෙන කටවල් දෙක පසු කරගෙන යනවා කියලා… එහෙම වෙනකොට රෙසවෝයර් එකයි සිලින්ඩරයයි අතර තියෙන සම්බන්ධය නැති වෙනවා.. මේ නිසා පිස්ටන් වලින් සිලින්ඩරය තවත් තද වෙනකොට බ්‍රේක් ඔයිල්, ඒ ඒ සිලින්ඩරයට සම්බන්ධවෙලා තියෙන බට වලින් පිටතට යනවා… මේ බට කෙලින්ම සම්බන්ධවෙලා තියෙන්නේ රෝද වල තියෙන බ්‍රේක් සිලින්ඩර් වලට.. ඒ නිසා බ්‍රේක් ඔයිල් රෝදවල තියෙන පිස්ටන් එක පැත්තට යනවා….පහත රූපය බලන්නකෝ ඔබට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් වෙයි….

 

3) ඩිස්ක් බ්‍රේක්

ඩිස්ක් බ්‍රේක් කියන්න හේතුව තමයි රෝදවල බ්‍රේක් සිස්ටම් එක තියෙන්නේ ඩිස්ක් එකක වදින්න…

එතකොට වාහනයේ රෝදයේ හබ් එකට සම්බන්ධවෙන්නේ ඩිස්ක් එකක්… රෝදයේ බ්‍රේක් වලට අදාළ කොටස්, ඔන්න ඔය ඩිස්ක් එකට පැත්තකින් තියෙනවා…. පහත රූපය බලන්නකෝ…

ඕකේ හැටියට ඩිස්ක් එක ඔබට පේනවා ඇති… ඩිස්ක් එකට පැත්තකින් හයිකරලා තියෙන කොටසට අපි කියන්නේ බ්‍රේක් කැලිපර් එක කියලා.. මේක ඇතුලින් ඩිස්ක් එක කැරකෙන විදියට තමයි හදලා තියෙන්නේ ඒ නිසා කැලිපර් එක සවි වෙලා තියෙන්නේ ඩිස්ක් එකට නෙවෙයි…කැලිපර් එක සවිවෙලා තියෙන්නේ කෙලින්ම හබ් එකට ඇතුල් පැත්තෙන්. පහත රූපය බලන්නකෝ….ඔබට තේරුම්ගන්න පුළුවන් වෙයි….

කැලිපර් එක හබ් එකට සවි වෙලා තියෙන හැටි

එතකොට බ්‍රේක් කැලිපර් එක ඇතුලේ තමයි ඩිස්ක් බ්‍රේක් පෑඩ් තියෙන්නේ… ඒ කියන්නේ එළියේම තියෙන්නේ බ්‍රේක් කැලිපර් එක… ඊට ඇතුලතින් තියෙන්නේ ඩිස්ක් බ්‍රේක් පෑඩ් ඊටත් ඇතුලතින් තියෙන්නේ ඩිස්ක් එක… පහත රූපය බලන්න

එතකොට ඔබට පේනවා ඇති මේ කැලිපර් එකට සම්බන්ධවෙලා තියෙන ඩිස්ක් දෙකෙන් එක ඩිස්ක් එකක් පැත්තෙන් බ්‍රේක් සිලින්ඩරයක් තියෙනවා කියල…එකට කියන්නේ ඩිස්ක් බ්‍රේක් සිලින්ඩර් එක කියලා…අපි බ්‍රේක් පෙඩල් එක පාගනකොට මාස්ටර් බ්‍රේක් සිලින්ඩරයෙන් ඔන්න ඔය ඩිස්ක් බ්‍රේක් සිලින්ඩරය දෙසට බ්‍රේක් ඔයිල් එන්න පටන්ගන්නවා.. මේ නිසා ඩිස්ක් බ්‍රේක් සිලින්ඩරයේ පිස්ටන් එක බ්‍රේක් පෑඩ් දෙසට තල්ලුවෙනවා… බ්‍රේක් කැලිපර් එක හබ් එකට තදින් සම්බන්ධවෙලා තියෙන නිසා ඩිස්ක් බ්රේක් සිලින්ඩරයට කොච්චර බලයක් ආවත් සිලින්ඩරය ඉතා තදින් සවි වෙලා තියෙනවා…. පහත රූපය බලන්න…

ඩිස්ක් බ්‍රේක් සිලින්ඩර් එක තියෙන තැන
රෝදේ ඇතුල් පැත්තෙන් ගත්තු ඩිස්ක් බ්‍රේක් සිලින්ඩර් එකේ සමීප රුපයක්

බලය වැඩිපුර යෙදෙන රෝද යුගලය මොකක්ද ඒ දෙකට ගොඩක් වෙලාවට ලැබෙන්න සලස්වලා තියෙන්නේ ඩිස්ක් බ්රේක්… එකට හේතුව මේකයි… ඩිස්ක් බ්‍රේක් පෑඩ් ඩ්‍රම් බ්‍රේක් පෑඩ් එකට වඩා ලොකු වීම…. ඒ ලොකු වීම නිසාම අපි බ්‍රේක් පාගනකොට ඉතා ලොකු බලයකින් ඩිස්ක් එක තද වෙනවා.

 

4) ඩ්‍රම් බ්‍රේක්

මේකට ඩ්‍රම් බ්‍රේක් කියල කියන්න හේතුව තමයි රෝදවල තියෙන බ්‍රේක් සිස්ටම් එක තියෙන්නේ ඩ්‍රම් එකක් ඇතුලේ නිසා….ඒ කියන්නේ වාහනයේ හබ් එකට ඩ්‍රම් එකක් සම්බන්ධවෙලා ඒක ඇතුලේ තමයි රෝද ළඟ තියෙන බ්‍රේක් කොටස තියෙන්නේ….

පහත රූපය බලන්නකෝ… ඔබට පේනවා හබ් එක, ඊටපස්සේ ඩ්‍රම් එක සහ ඩ්‍රම් එක ඇතුලේ තියෙන පහත දේවල්,

1) බ්‍රේක් පෑඩ් දෙක

2) බ්‍රේක් සිලින්ඩර් එක

3) පාර්කින්ග් බ්‍රේක් කේබල් එක

4) පාර්කින්ග් බ්‍රේක් ලීවර් එක…

ඔන්න ඔය බ්‍රේක් පෑඩ් දෙක අතර තියෙන සිලින්ඩරයට තමයි අපි බ්‍රේක් පාගනකොට මාස්ටර් බ්‍රේක් සිලින්ඩරය හරහා බ්‍රේක් ඔයිල් එන්නේ… එහෙම එනකොට වෙන්නේ සිලින්ඩරය දෙපැත්තෙන්ම  තියෙන පිස්ටන් දෙක ඒ ඒ පෑඩ් එක දෙසට තල්ලුවෙන එක…. පහත රූපය බලන්නකෝ….
<>

පාර්කින්ග් බ්‍රේක් කේබල් එකයි ඒ කේබල් එකෙන් බ්‍රේක් පෑඩ් දෙක දෙපැත්තට තල්ලුකරන ලීවර් එකයි තමයි ඊළඟ රූපයේ තියෙන්නේ…
<>