බැටරි එක චෙක් කිරීම

වාහනයක් ධාවනය කරද්දී සමහර දේවල් වලට විදුලිය ඕන… ඔන්න ඔය ඕන කරන විදුලිය ගන්න තමයි වාහනේකට බැටරි එකක් සවි කරන්නේ… මෙතැනදී අපි කතා කරන්නේ සාමාන්‍ය ඩීසල් හා පෙට්රෝල් වාහනවල තියෙන වෝල්ට් 12 බැටරි එක ගැන, එහෙම නැත්තන් කාර් බැට්රි එක ගැන…

ඉතින් බැටරියක් පාවිච්චි කරද්දී එකේ බලය අඩු වෙනවා… එහෙම නැත්තන් බැටරිය බහිනවා… නමුත් මේ කාර් බැටරි එක දුවන ගමන් චාර්ජ් වෙන ක්‍රමවේදෙකුත් තියෙන නිසා සාමාන්‍ය බැටරි වලට වඩා ගොඩක් කාලයක් මේ බැටරි එක පාවිච්චි කරන්න පුළුවන්… එහෙම තිබ්බත් කාලයත් එක්ක බැටරි එකේ ඇතුලේ තියෙන දේවල් වල රසායනික සංයුතිය වෙනස් වෙනවා… එතකොට කලින් තරම් බලයක් නොදෙන්න පුළුවන්… නැතිනම් හරියට චාර්ජ් වෙන්නේ නැති වෙන්න පුළුවන්…

බැටරි එක කියන්නේ වාහනේක තියෙන ගොඩක්ම වැදගත් අංගයක් කියල අපි හැමෝම දන්නවානේ… බැටරි එක බැස්සොත් වාහනේ හොල්ලන්නවත් වෙන්නේ නැහැ… ඒක නිසා හරි කාලෙට සර්විස් වලදී මේ බැටරි එක පරික්ෂා කරන එක වටිනවා… හරියටම කිව්වොත් මාරු කරපු දවසේ ඉඳල කිලෝමීටර් 10000ක් ගියාට පස්සේ හෝ මාස 12ක් ගියාම එන සර්විස් වල මේ බැටරි එක පරික්ෂා කරන්න ඕන… බැහැලනම් අලුත් එකක් දාන්න ඕන…

බැටරි එක පරික්ෂා කරන එක ගෙදරදීම කරන්න පුළුවන්… අපි බලමු කොහොමද කරන්නේ කියල…

 

අවශ්‍ය ද්‍රව්‍ය

වොල්ට්මිටර් එකක්…

බැටරි එකේ වෝල්ටේජ් එක හරියට තියෙනවද බලන්න වොල්ට්මිටර් එකක් ඕන වෙනවා… සාමාන්‍ය අඩුවට තියෙන වොල්ට්මිටර් එකක් අරන් තියාගන්න එක හොඳයි…

 

බැටරි පරික්ෂා කරන විදිය

මුලින්ම බැටරි ටර්මිනල් දෙක පරික්ෂා කරගන්න ඕන… එතැනදී කනෙක්ටර් එක ගැලවිලාද, බුරුල් වෙලාද එහෙම නැත්තං ටර්මිනල් වල හෝ කනෙක්ටර් වල ලුණු බැදිලද කියල බලන්න පුළුවන්…

එහෙම පේන්න ප්‍රශ්නයක් නැත්නම් වොල්ට්මිටර් එකක් අරගෙන බැටරි එකේ අග්‍ර දෙකට තියලා බලන්න ඕන 12.5V හෝ ඊට වැඩියෙන් පෙන්නනවද කියල,… ඊට අඩු නම් ඒ කියන්නේ බැටරිය මාරු කරන්න කලේ හරි කියන එකයි….

බැටරි එකේ අග්‍ර දෙක අතරේ වෝල්ටීයතාවය මනින හැටි

බැටරි එකත් හොඳයි නම් ඊළඟට වොල්ට්මිටර් එක අරගෙන බැටරි එකේ අග්‍රය හා ඒ අග්‍රයටම සම්බන්ධ කනෙක්ටර් එක අතරේ විභව අන්තරයක් තියෙනවද බලන්න ඕන… ඒ දෙක අතර වෝල්ටේජ් එක .5V ට වඩා වැඩි නම් ඒ අග්‍රය හා කනෙක්ටර් එක අතරේ ලූස් කනෙක්ෂන් හෝ ලුණු බැඳීමක් වගේ දෙයක් තියෙන්න ඉඩ තියෙනවා.. ඔය වැඩේ කරද්දී වොල්ට්මිටර් එක තියන්න ඕන විදිය පල්ලෙහා රූපෙන් බලා ගන්න පුළුවන්…

බැටරි එකේ අග්‍රය හා ඒ අග්‍රයටම සම්බන්ධ කනෙක්ටර් එක අතරේ විභව අන්තරයක් තියෙනවද බලන හැටි

ඒ වගේම කරන්න පුළුවන් තව දෙයක් තමයි වොල්ට්මිටර් එක බැටරි එකේ ධන රින අග්‍ර වලට තියල වාහනේ හෙඩ් ලයිට් ඔන් කරන එක… හෙඩ් ලයිට්‌ ඔන් කරද්දී වෝල්ටේජ් එක ගොඩක් බහිනවා නම් ඒ කියන්නේ ඔබේ වාහනේ බැටරිය සවුත්තු වෙලා කියන එකයි…..

හරියටම බැටරිය ගැන දැනගන්න නම් ලෝඩ් ටෙස්ටර් කියන උපකරණය අරගෙනම පරික්ෂා කරන්න වෙනවා… ලෝඩ් ටෙස්ටර් එකක් පාවිච්චි කරන ආකාරය විස්තරාත්මකව දැනගන්න මෙන්න මේ ලිපියෙන් පුළුවන්….

ඔය විදියට පරික්ෂා කරලා බැටරි එකේ තත්වය අපිටම දැනගන්න පුළුවන්… මාරු කරන්න ලං වෙලා බව දැනුනොත් බාරු කරන්න ඕන…