වාහනේ ටයර් හොඳද බලන හැටි

ටයර් කියන්නේ වාහනේක තියෙන වැදගත්ම අංගයක්… වාහනේ පොලව එක්ක සම්බන්ධ කරන්නේ ටයර් තමයි… ගල් බොරළු කටු අකුල් උඩින් වාහනේ පරිස්සමින් අරන් යන්නෙත් මේ ටයර්ම තමයි… ඒ හින්දම ටයර් කියන්නේ නිරතුරුවම ගෙවීමට ලක් වෙන කොටසක්… ටයර් වල තත්වය ගැන අපි හැම තිස්සෙම හොද අවබෝධයකින් ඉන්න ඕන…

 

ටයර් වල තත්වය බලමු…

ටයර් වල තත්වය බලද්දී කරන්න ඕන ප්‍රධාන පරීක්ෂාවන් දෙකක් තියෙනවා….

පලවෙනි එක තමා ටයර් වල හුලන් මට්ටම බලන එක… අඩුම ගානේ මාසෙකට සැරයක්වත් ටයර් වල හුලන් බලවගන්න කියල තමයි නිර්දේශ කරලා තියෙන්නේ… මේක ගොඩක් ලේසියෙන් පෙට්රෝල් ෂෙඩ් එකකින් කරගන්නත් පුළුවන්… දැනගෙන ඉන්න ඕන එකම දේ තමයි තමන්ගේ වාහනේ ටයර් ප්‍රෙෂර් එක…

දෙවැනි පරික්ෂාව තමයි ටයර් වල කට්ට හරියට තියෙනවද බලන එක… ලංකාවේ ගොඩක් අය මේක කරන්නේ නැහැ… කට්ට ගෙවිච්ච ටයර් දාගෙන යන එක පොලිසියෙන් අල්ලන්න උනත් පුළුවන් වරදක්… අනික් අතින් තමන්ගේ හා වාහනේ යන අනික් අයගේ ජිවිත එක්ක කරන භයානක සෙල්ලමක්… ඒ නිසා දුර ගමනකට කලින් අනිවාර්යෙන් ටයර් ගෙවිලද කියල බලන්නම ඕන…

 

ටයර් ගෙවිලද…

සාමාන්‍යෙන් අලුත් ටයර් එකක නම් කට්ට මිලිමීටර් 8ක විතර ගැඹුරුයි… ටයර් එක ගෙවෙනකොට මේ කට්ට වල ගැඹුර එන්න එන්න අඩු වෙනවා… ගැබුරු නැති කට්ට තියෙන ටයර් දාගෙන යද්දී පාර හා ටයර් අතරේ ඝර්ෂණය අඩුයි… එතකොට බ්‍රේක් හරියට වදින්නේ නැති වෙන්න පුළුවන්… වැස්ස දවසක නම් ලිස්සල යන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි…

ටයර් වල තත්වේ බලන්න ඒ සඳහාම හදපු උපකරණයක් තියෙනවා Thread Wear Indicatar කියල…

ඇනලොග් හා ඩිජිටල් ටයර් ත්‍රෙඩ් වෙයාර් ඉන්ඩිකේටර් හෝ Depth Gauge

හැබැයි Thread Wear Indicatar ඒකක් නැතුව උනත් අපිට ඉතාම සරලව ටයර් වල කට්ට ගෙවිලද කියල ගෙදරදීම බලාගන්න පුළුවන් විදියක් ටයර් එකේම අඩංගු කරලා තියෙනවා…

මේකට කියන්නේ Wear Bar කියල… ටයර් එකේ කට්ට දෙකක් මැද්දේ ඒ දෙක සම්බන්ධ කරන රබර් කෑල්ලක් හැටියට මේ Wear Bar තියෙනවා…

මේ Wear Bar එක සාමාන්‍යෙන් මිලිමීටර් 3ක් විතර උසයි… ටයර් එක ගෙවීල ගිහින් කට්ටේ උස මේ Wear Bar එක ගාවට ආවට පස්සේ අනිවාර්යෙන්ම ඒ ටයර් එක මාරු කරන්න ඕන…

පල්ලෙහා රූප වලින් පෙන්නනවා හොඳ ටයර් එකක Wear Bar තියෙන විදිය… එත් එක්කම ඔය වෙයාර් බාර් එක තියෙන තැන හොයා ගන්න සලකුණක් ටයර් එකේ පිට පැත්තේ දාල තියෙනවා ත්‍රිකෝණයක් වගේ… පහල රූපේ පෙන්වනවා එක සලකුණත්… මේ හරි කෙලින්ම තමයි වෙයාර් බාර් එක තියෙන්නේ…..

ටයර් එකේ වෙයාර් බාර් එක
වෙයාර් බාර් එක හොයාගන්න සලකුණ

මෙහෙම Wear Bar එකක් හරි මතුවෙලාද කියල ටයර් එක වටේම බලන්න ඕන.. එකක් හරි මතුවෙලා නම් ඒ කියන්නේ ටයර් මාරුවකට කාලේ හරි කියන එකයි….