වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ලෙවල් එක බලන හැටි

වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ් කියල කියන්නේ වාහනේ එලවන ගමන්ම වයිපර් එක ආධාරයෙන් වින්ඩ්ස්ක්‍රීන් එක සෝදන පද්ධතිය පාවිච්චි කරන දියරයට… මේකට වයිපර් ෆ්ලුයිඩ් (Viper Fluid), වින්ඩ්ශිල්ඩ් වයිපර් ෆ්ලුයිඩ් (Windshield Viper Fluid) හෝ සමහර වෙලාවට ස්ක්‍රීන් වොෂ් (Screen Wash) කියලත් කියනවා….

දැන් සමහර අයට ප්‍රශ්නයක් ඒවි මේ වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ් ගන්නම ඕනද කියල…. ඇත්තටම ඒවා ගන්නම ඕන නැහැ…වතුර දාලා හොඳ ෂැම්පු පැකට් එකක් දැම්මත් හොඳටම ඇති… එත් වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ් හදල තියෙන්නේ ඔය ඉස්සරහ වීදුරුව හෝදන වැඩේ කරන්නම නේ… ඒ හින්ද පුළුවන් හැම වෙලාවකම වොෂර් ෆ්ලුයිඩ් එකක් පාවිච්චි කරන එක හොඳයි….

වින්ඩ්ස්ක්‍රීන් වොෂර් අඩු උනොත් වෙන්නේ වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක හරියට හෙදෙන්නේ නැතුව යන එක… විශේෂයෙන් දුර යන්න කලින් මේ වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ලෙවල් එක හරිද බලන එක වටිනවා…

දුර ගමනකදී වෙනදට වඩා මඩ දුවිලි වගේ දේවල් වින්ඩ්ස්ක්‍රීන් එකේ බැඳෙනවා… එහෙම වින්ඩ්ස්ක්‍රීන් එකක් හරියට හෙදෙන්නේ නැති උනොත් රෑ ගමන් වලදි ඉස්සරහින් එන වාහන හරියට පෙන්නේ නැතුව යන්න පුළුවන්… නැත්තන් ඉස්සරහ වාහන වල ලයිට් අපේ වින්ඩ්ස්ක්‍රීන් එකේ ග්ලෙයාර් එකක් නැත්තන් දිලිසීමක් ඇති කරන්න පුළුවන්… කොහොමහරි අන්තිමට වෙන්නේ වාහනේ එලවන්න අමාරු වෙන එක තමයි…

 

ලෙවල් එක බලන හැටි

  • පළවෙනියට වින්ඩ්ස්ක්‍රීන් වොෂර් දාන තැන හොයා ගන්න ඕන… මේ වින්ඩ්ස්ක්‍රීන් වොෂර් රෙසර්වොයර් එකට විශේෂිත ලකුණක් තියෙනවා… ඒ ලකුණෙන් මේක හොයා ගන්න එක ඉතාම පහසුයි… පල්ලෙහා රූප බැලුවම වරදින එකක් නැහැ…
වින්ඩ්ස්ක්‍රීන් වොෂර් රෙසර්වොයර් එක තියෙන තැන
වින්ඩ්ස්ක්‍රීන් වොෂර් රෙසර්වොයර් එක හඳුනාගන්න සලකුණ
  • ඊළඟට තමන් පාවිච්චි කරන වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ් අරගෙන වතුර එක්ක මිශ්‍ර කරගන්න ඕන… මිශ්‍රණය හදාගන්න ඕන පිළිවෙල සාමාන්‍යෙන් වින්ඩ්ස්ක්‍රීන් වොෂර් ෆ්ලුයිඩ් බෝතලේ ගහල තියෙනවා…
  • ඊළඟට එහෙම හදාගත්ත මිශ්‍රනය අරන් වින්ඩ්ස්ක්‍රීන් වොෂර් රෙසර්වොයර් එක පිරෙනකල් වත් කරන්න ඕන…
  • එච්චරයි….

 

දැන් වින්ඩ්ස්ක්‍රීන් එකේ බැඳෙන මඩ දුවිලි ගැන බය වෙන්න දෙයක් නෑ….