EFI එලාම් බලන හැටි – නිසාන් (Nissan) 1998න් පසු වාහන OBD-2 (පැට්‍රොල්)

1998 ට කලින් හැදිච්ච නිසාන් වාහන වල ඩයග්නොස්ටික් සඳහා පාවිච්චි උනේ ඔවුන්ගේම ක්‍රමවේදයක්… ඒ තමයි ECU එකේ කෙලින්ම ඉන්ඩිකේටර් ලයිට් හයි කරලා ඒවා මාර්ගයෙන් දෝෂ පෙන්වන එක… නමුත් 1998 වගේ කාලය වෙද්දී ලෝකය පුරා OBD-2 ස්ටෑන්ඩර්ඩ් එකක් හැටියට ප්‍රසිද්ධ වීමත් එක්කම නිසාන් කොම්පැනියටත් ඒ රැල්ලෙන් මිදෙන්න බැරි උනා…. ඒ හින්දා 1998න් වගේ පස්සේ ඔවුන් සම්පුර්ණයෙන්ම OBD-2 තමන්ගේ ඩයග්නොස්ටික් ක්‍රමවේදය හැටියට පාවිච්චි කරන්න පටන් ගත්තා…..

 

ස්කෑනර් එකක් පාවිච්චි කරමු….

OBD-2 සිස්ටම් එක පාවිච්චි කරන හින්දා මේ කාණ්ඩයේ වාහන වල දෝෂ හොයන්න හොඳම ක්‍රමය හැටියට නිර්දේශ කරලා තියෙන්නේ ස්කෑනර් එකක් පාවිච්චි කරන එක තමයි… ස්කෑනර් එකක් පාවිච්චි කිරීමෙන් වාහනේ දෝෂ ගොඩක් ඉතාම වැඩි නිරවද්‍යතාවයකින් හොයා ගන්න පුළුවන්…

ස්කෑනර් එකකින් OBD-2 පෝර්ට් එකක් ස්කෑන් කරද්දී එලියට පෙන්වන DTC එක සාමාන්‍යෙන් පටන් ගන්නේ ‘P’ අකුරෙන්… ඊට පස්සේ තව අකුරු 4ක් තියෙනවා…. උදාහරණයක් හැටියට P0010, P0011 වගේ… අන්තිම අකුරු 4 ඉලක්කම් විතරක් වෙන්නෙත් නැහැ…. ඉලක්කම් වලට අමතරව ‘A’, ‘B’, ‘C’, ‘D’, ‘E’ හා ‘F’ යන අකුරුත් මේ අන්තිම අකුරු 4ට පාවිච්චි වෙනවා… උදාහරණ හැටියට P264A, P101D වගේ කෝඩ් පෙන්නන්න පුළුවන්… ස්කෑනර් එකෙන් පෙන්වන මේ කෝඩ් එකට “SAE” කෝඩ් එක කියලත් කියනවා… ඉතින් ස්කෑනර් එකක් පාවිච්චි කරලා SAE කෝඩ් එක හොයාගත්තම කරන්න තියෙන්නේ වාහනේ මැනුවල් එක අරගෙන ඒ SAE කෝඩ් එකට අදාළ වැරැද්ද හොයාගන්න එක විතරයි…

ස්කෑනර් එකක් නැති වෙලාවක, එහෙමත් නැත්තන් එන්ජින් එලාම් එක පෙන්නුවම ගරාජ් එකකට අරන් යන්න කලින් පොඩ්ඩක් තමන්ම අතපත ගාල යමක් කරන්න උත්සහ කරන හිතුනු වෙලාවක මොනවද කරන්න පුළුවන්… අන්න ඒ වගේ වෙලාවල් වලට මේ OBD-2 සිස්ටම් එක පාවිච්චි කරන නිසාන් වාහන වලත් ඩයග්නොස්ටික් කෝඩ් මැනුවලි ගන්න පුළුවන් විදියක් අන්තර්ගත කරලා තියෙනවා… එකත් දැනෙගන ඉන්න එක සමහර වෙලාවල් වලදී ඕන වෙන්න පුළුවන්…

 

මැනුවලි ඩයග්නොස්ටික් කරමුද

මේ මැනුවලි DTC ගන්න මෝඩ් එකට self test mode කියල තමයි කියන්නේ…. එහෙමත් නැත්නම් ඔක්සිජන් සෙන්සර් එක චෙක් කරන මෝඩ් එක කියලත් කියනවා… කරන්නේ මෙහෙමයි….

  • ඉග්නිෂන් ඔන් කරන්න ඕන….
  • ඊට පස්සේ හරියටම තප්පර දෙකක් OBD-2 පෝර්ට් එකේ CHK හා IGN පින් දෙක ෂෝර්ට් කරන්න ඕන.. තප්පර දෙකට වඩා ෂෝර්ට් කරගෙන ඉන්න එපා…
  • හරියට කලොත් දැන් self test mode එකට එනවා… ඇවිල්ල වැරද්දක් තියෙනවා නම් එන්ජින් එලාම් ලයිට් එක බ්ලින්ක් වෙලා දෝෂයට අදාළ කෝඩ් එක පෙන්වන්න පටන් ගන්නවා…..

 

මෙහෙම පෙන්වන කෝඩ් එකට සාමාන්‍යෙන් ෆ්ලෑෂ් කෝඩ් එක කියලත් කියනවා… නිසාන් වාහන වල මේ ෆ්ලෑෂ් කෝඩ් එක ඉලක්කම් හතරකින් යුක්තයි, 1253, 6778 වගේ… මේ ඉලක්කම් තුනේ කෝඩ් එක පෙන්නද්දී 1000 ස්ථානය තප්පර 0.6ක් පත්තු වෙලා තප්පර 0.6 නිමෙන බ්ලින්ක් වලින් පෙන්නනවා… ඒ බ්ලින්ක් ප්‍රමාණය ගණන් කර ගත්තම 1000 ස්ථානයේ අගය ගන්න පුළුවන්… ඊට පස්සේ පොඩි විරාමයක් තියෙනවා… ඊළඟට 100, 10 හා 1 ස්ථාන පෙන්නන්නේ තප්පර 0.3ක් පත්තු වෙලා තප්පර 0.3ක් නිමිලා තියෙන බ්ලින්ක් වලින්… කලින් වගේම 100, 10 හා 1 ස්ථාන අතරෙත් පොඩි විරාමයක් තියෙනවා ගණන් කර ගන්න ලේසි වෙන්න…

උදාහරණයක් හැටියට 3214 පෙන්නන්නේ

  • 3 (1000 ස්ථානය) – තප්පර 0.6ක් ඔන් තප්පර 0.6ක් ඔෆ් වේවි බ්ලින්ක් වෙනවා 3 පාරක්
  • 2 (100 ස්ථානය) – තප්පර 0.3ක් ඔන් තප්පර 0.3ක් ඔෆ් වේවි බ්ලින්ක් වෙනවා 2 පාරක්
  • 1 (10 ස්ථානය) – තප්පර 0.3ක් ඔන් තප්පර 0.3ක් ඔෆ් වේවි බ්ලින්ක් වෙනවා 1 පාරක්
  • 4 (1 ස්ථානය) – තප්පර 0.3ක් ඔන් තප්පර 0.3ක් ඔෆ් වේවි බ්ලින්ක් වෙනවා 4 පාරක්

 

ඕක පහල රූප සටහන් බැලුවම හොඳටම අවබෝධ කරගන්න පුළුවන්….

<Need correct timing for nissan single LED system>

මේ කෝඩ් වලදී 0 ඉලක්කම පෙන්නන්නේ 10 පාරක් බ්ලින්ක් වෙලා… කිසිම වැරද්දක් නැත්නම් 0000 කියන ෆ්ලෑෂ් කෝඩ් එක පෙන්නනවා… එහෙම බැලුවම ගණන් කරන්න අමාරුම එක තමයි වැරද්දක් නැති අවස්ථාවේ එන කෝඩ් එක… මෙහෙම ෆ්ලෑෂ් කෝඩ් එක හොයාගත්තට පස්සේ කරන්න තියෙන්නේ වාහනේ මැනුවල් එකෙන් කලින් වගේම ෆ්ලෑෂ් කෝඩ් එකට අදාළ වැරැද්ද හොයා ගන්න එක තමයි… එහෙම හොයාගෙන බය නැතුව අදාළ කොටසේ රෙපෙයාර් එකට අත ගහන්න තමයි තියෙන්නේ……