ටොයොටා ස්ටාලට්

ටොයොටා ස්ටාලට් (Toyota Starlet) කියන්නේ, ලංකාවේ ගෑනු පිරිමි දෙගොල්ලොම අතරේ එකම විදියට ජනප්‍රිය වාහනයක්… ගැහැණු කෙනෙක්ට අවශ්‍ය හුරුබුටිබව, අඩු ඉඩකදී හැසිරවීමේ හැකියාව වගේම, පිරිමි පක්ෂය ආස කරන ස්පෝටි රේසිං හැකියාවන් දෙකම එකට ලබාදෙන සුපිරි වාහනයක් තමයි ස්ටාලට් එක කියන්නේ… ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්න හදන්නේ ස්ටාලට් එක ගැනයි…

ටොයෝටා ස්ටාලට් එක මුලින්ම නිෂ්පාදනය කරන්නේ 1973 අප්‍රේල් මාසේ… 1973ට කලින් තිබුනා ටොයෝටා පබ්ලිකා (Publica) කියල වාහනයක්… අන්න ඒ පබ්ලිකා එක වෙනුවට තමයි අපි අද මේ කතා කරන ටොයෝටා ස්ටාලට් එක නිර්මාණය වෙන්නේ… මුලින්ම ස්ටාලට් එක හැඳින්වුණේ පබ්ලිකා ස්ටාලට් කියල… දෙවැනි කාණ්ඩයේ ඉඳල තමයි නිකම්ම ස්ටාලට් කියල හඳුන්වන්න පටන් ගත්තේ… හැබැයි අදටත් ස්ටාලට් මොඩල් වල දකින්න ලැබෙන P අක්ෂරය, ඒ කියන්නේ EP91, EP82 වගේ මොඩල් නම්බර් එකේ තියෙන P අකුරෙන් සංකේතවත් වෙන්නේ මේ ‘පබ්ලිකා’ කියන නම තමයි…

පහල පෙන්නලා තියෙන්නේ පබ්ලිකා කියන වාහනේ පින්තුරු ටිකක්… ස්ටාලට් එකේ පියා හැටියට මේ පබ්ලිකා එක හැඳින්වුවට වරදක් නෑ…



දැන් අපි බලමු ස්ටාලට් එක ඉතිහාසේ ඉඳල අද තියෙන තත්වෙට පරිනාමය වෙලා ආවේ කොහොමද කියල…

 

පළමුවන පරම්පරාව (1793 සිට 1978 දක්වා)

මුලින්ම ලෝකේ ස්ටාලට් එකක් හැදෙන්නේ 1973 දී… මුල්ම ස්ටාලට් එකේ සම්පුර්ණ නම වුනේ ‘ටොයෝටා ස්ටාලට් P40’ කියලයි… පළවෙනියටම මේ ස්ටාලට් P40 එක එන්නේ දොර දෙකේ වාහනයක් විදියට… එහෙම නැත්තන් ඉංග්‍රීසියෙන් කියනවා (coupe) එකක් කියල….

1978 දෙසැම්බර් මාසේ ‘ටොයෝටා ස්ටාලට් P50’ කියන දෙවැනි මොඩල් එක එලිබහිනවා… මේක නං එන්නේ දොර හතරේ සම්පුර්ණ සෙඩාන් කාර් එකක් විදියටයි….

මේ P40 හා P50 කියන මොඩල් දෙකම 1000cc හා 1500cc කියන එන්ජින් ධාරිතා වලින් දීල තිබුන… ඒ වගේම මේ වාහන දෙකම පසුපස රෝද වලට බලය දීල ධාවනය කරන ‘රියර් වීල් ඩ්‍රයිව්’ කාර් හැටියට තමයි තිබුනේ… දැනගන්න තියෙන තොරතුරු වලට අනුව මේ වාහන දෙකෙන් එකක්වත් ජපානයෙන් පිටට විකුනලා නැහැ…

පහලින් පෙන්නලා තියෙන්නේ ස්ටාලට් පවුලේ ආදිතම සාමාජිකයෝ වන P40 හා P50 කාර් දෙකේ පින්තුරු… අද නම් මේවා හොයාගන්න තියෙන්නේ කටුගෙවල් වල විතරයි…

 

දෙවන පරම්පරාව (1978 සිට 1984 දක්වා)

පලවෙනි පරම්පරාවට නැවතීමේ තිත තබමින් 1978 ඔක්තෝබර් මාසේ ස්ටාලට් ’60 සීරීස්’ එක වෙළඳපොළට ආව.. මේ 60 සීරීස් එකේ එකපාර මොඩල් 3ක් එළිදැක්වුනා, KP60, KP61, KP62 කියල… මේ හැම වාහනේකම තිබුනේ ‘ටොයෝටා K සීරිස්’ එකේ එන්ජින්… මොඩල් නම්බර් එකේ K අකුරෙන් දැක්වුණේ අන්න ඒ K සීරිස් එන්ජින් එකක් යොදාගත් බවයි… මේ මොඩල් හැම එකක්ම වගේ දොර තුනේ හා දොර පහේ මොඩෙල් හදල තිබුන…

KP60 මොඩල් එකේ තිබුනේ 1000cc එන්ජින් එකක්… KP61 1300cc එන්ජින් එකක් හා KP62 මොඩල් එකේ 1200cc එන්ජින් දකින්න ලැබුන…
මීට අමතරව 1978 ඔක්තෝබර් මාසේදීම ‘ස්ටාලට් වෑන්’ කියල දොර පහේ වැගන් මාදිලියකුත් එලියට ආව… එකේ තිබුනෙත් 1200cc එන්ජින් එකක්… මීට අමතරව මේ හැම වාහනේකම ග්‍රේඩ්ස් ගොඩකුත් දකින්න ලැබුන… ස්ටෑන්ඩර්ඩ්, ඩිලක්ස්, GL, XL, S, ස්ප්‍රින්ට් වගේ නම් වලින් තමයි ඒ ග්‍රේඩ් හැඳින්වුණේ… සුළු සුළු වෙනස්කම් තමයි මේ ග්‍රේඩ් අතරේ තිබුනේ…

ඒ වගේම 1980 හා 1893 කියන අවරුදු වලදී මේ ස්ටාලට් එකට ෆේස්ලිෆ්ට් දෙකක් ආව… මේකෙන් වඩාත්ම කැපිපෙනෙන ෆේස්ලිෆ්ට් එක උනේ 1890 දී ආපු ෆේස්ලිෆ්ට් එක… මේකෙදි මෙතෙක් 60 සීරීස් එකේ යොදාගත්ත රවුම් හෙඩ් ලයිට් අයින් කරලා, හතරැස් හෙඩ් ලයිට් යොදාගැනීම සිද්ද උනා…
පහල දැක්වෙන්නේ දෙවැනි පරම්පරාවේ ස්ටාලට් වල පින්තුරු ටිකක්…

KP 60 – ස්ටාලට් වෑන්
KP 61 මොඩල් එක

 

තුන්වන පරම්පරාව (1984 සිට 1989 දක්වා)

1984 ඔක්තෝබර් මාසෙදි තමයි ස්ටාලට් එකේ තුන්වන පරම්පරාව ආරම්භ උනේ… මේ මාදිලියේ විශේෂය තමයි මුලින්ම ජපානයෙන් පිට ඉන්දුනිසියාවේත් ස්ටාලට් හදන්න පටන්ගැනීම…

මේ වාහන හැඳින්වුණේ ‘P70 සීරීස්’ එක කියලයි… 70 සීරීස් යටතේ එළිදැක්වුණේ ප්‍රධාන මොඩල් දෙකයි… ඒ EP70 හා EP71 කියන මොඩල් දෙක… ‘ටොයෝටා E සීරීස්’ එකේ එන්ජිමක් යොදලා තියෙන බව තමයි මේ මොඩල් වල ‘E’ අකුරෙන් දැක්වුණේ…

පරණ මොඩල් වලට සාපේක්ෂව මේ 70 සීරීස් එකේ වෙච්ච ප්‍රධානම වෙනස තමයි ඉදිරිපස රෝද වලට බලය සැපයෙන ‘front-wheel drive’ ක්‍රමවේදය යොදාගැනීම… කලින් වගේම 70 සීරීස් එකෙත් දොර තුනේ හා දොර පහේ මොඩල් දකින්න ලැබුන… ඒ වගේම කලින් 60 සීරීස් එකේ තිබුන ‘ස්ටාලට් වෑන්’ කියන දොර තුනේ වැගන් රථයත් 70 සීරීස් එක්ක ආව… P70 සීරීස් එකේ නං ඇවිල්ල තිබුනේ 1000cc සහ 1300cc එන්ජින් විතරයි…

පහල තියෙන්නේ EP70 හා EP71 මොඩල් දෙකේ කාර් වල පින්තුරු…

ස්ටාලට් EP70
ස්ටාලට් EP71

 

හතරවන පරම්පරාව (1989 සිට 1995)

1989 දෙසැම්බර් මාසෙන් තමයි ස්ටාලට් එකේ හතර වන පරම්පරාව ආරම්භ වෙන්නේ… මේ වාහන හැඳින්වුණේ ස්ටාලට් ’80 සීරීස්’ එක කියලයි… ප්‍රධාන මොඩල් ටික උනේ EP80, EP81, EP82, EP83 හා NP80 කියන මොඩල්…

මේවයින් EP80 එකට ආවේ 1000cc එන්ජිමක්… EP81 එකට 1300CC එන්ජිමකුත් EP85 එකේ 1331CC එන්ජිමකුත් දකින්න ලැබුන… EP82 එක 1331CC සාමාන්‍ය මොඩල් එකකින් හා 1331CC ටර්බෝචාර්ජ් එන්ජිමක් ඇතුව නිකුත් වෙලා තිබුන… ස්ටාලට් පවුලේ පලවෙනි ඩීසල් කාර් එක උනේ NP80… මේ වාහනේ 1500CC ඩීසල් එන්ජිමක් දකින්න ලැබුනා.,..

80 සීරීස් එක පැති කිහිපයකින්ම ස්ටාලට් එකට වැදගත් වෙනවා… පලවෙනි එක තමයි 1990 අවුරුද්දේ තිබුන ‘ජිනීවා මෝටර් ෂෝ’ එකට ඉදිරිපත් වෙලා යුරෝපිය වෙළඳපොල දැඩි විදියට ආක්‍රමණය කරන්න ස්ටාලට් එකට පුළුවන් වීම… එත් එක්කම නවසීලන්තය වගේ තවත් රටාවල් ගොඩක ස්ටාලට් එක ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ 80 සීරීස් එකත් එක්ක තමයි….

දෙවැනි කාරණය තමයි රේසින් කාර් එකක් විදියට ස්ටාලට් එක තමන්ගේ ආදිපත්‍ය පැතිරවීම ආරම්භ කලෙත් මෙම 80 සීරීස් එකත් එක්ක වීම… ග්‍රීසියේ තිබුන WRC Acropolis Rally එකට සහභාගී වෙලා A5 කාණ්ඩයේ පළවෙනියා වෙන්න ස්ටාලට් එකට පුළුවන් උනා… ඒ වගේම ජපානය ඇතුළුව තවත් රටවල් ගණනාවක තිබුණු රේස් වලට ඉදිරිපත් වෙලා ගොඩක් අයගේ ආකර්ෂණය දිනාගන්නත් ස්ටාලට් එක සමත් උනා…

පහල තියෙන්නේ ලෝකය ජයගත්තු ස්ටාලට් 80 සීරීස් එකේ වාහන කීපයක්…

ස්ටාලට් EP80
ස්ටාලට් EP81
ස්ටාලට් EP82 GT

 

පස්වන පරම්පරාව (1996 සිට 1999 දක්වා)

දැන් අපි කතා කරන්න යන්නේ ස්ටාලට් එකේ අවසාන පරම්පරාව ගැනයි… මේකට කිවේ ‘P90 සීරීස්’ එක කියල… මේකෙදි මොඩල් වශයෙන් එලියට ආවේ EP91 කියන මොඩල් එක පමණයි… නමුත් ග්‍රේඩ් ගොඩක් එක්ක විවිධාකාරයේ වාහන මේ 90 සීරීස් එකේ දකින්න ලැබුන…

P90 සීරීස් එකේ ප්‍රධාන මොඩල් තුනක් තිබ්බ… රිෆ්ලෙක්ට්, ග්ලැන්සා හා කැරට් කියල තමයි මේ මොඩල් තුන හැඳින්වුණේ… ස්ටාලට් EP91 රිෆ්ලෙක්ට් එක බේසික් ඔප්ෂන් එක්ක ආපු නෝමල් වාහනයක්… ග්ලැන්සා එක ටර්බෝ එන්ජින් එකක් එක්ක හදපු සුපිරි ස්පෝර්ට්ස් කාර් එකක්… රේසින් වලට ඕන දේවල් අඩු නැතුව තිබ්බේ මේ මොඩල් එකේ තමයි… ස්ටාලට් EP91 කැරට් කියල කියන්නේ සැප පහසුව ඉලක්ක කරලා හදපු මොඩල් එක… මේ වාහන සියල්ල 1300CC පෙට්රෝල් එන්ජින් හා 1500CC ඩීසල් එන්ජින් ඇතුව ලබාගන්න පුළුවන් උනා…

ස්ටාලට් රිෆ්ලෙක්ට්
ස්ටාලට් ග්ලැන්සා
ස්ටාලට් කැරට්

ඒ වගේම රිෆ්ලෙක්ට් එකම පොඩ්ඩක් මොඩිෆයි කරලා පොඩි SUV ගතියක් එක්ක ස්ටාලට් රිමික්ස් කියල වාහනෙකුත් 90 සීරීස් එකේම දකින්න ලැබුන… මේකේ දොර ෆ්‍රේම්, බොඩි ක්ලැඩින්, රූෆ් රේල් හා ලොකු ජීප් වල වගේ පිටිපස්සේ ස්පෙයාර් වීල් එකකුත් තිබුන…

තරුණ පරම්පරාවේ ආකර්ෂණය ගොඩක්ම දිනාගත්ත 90 සීරීස් එකේ වාහනය තමයි ග්ලැන්සා කියල කියන්නේ…

ග්ලැන්සා වල මොඩල් දෙකයි… සාමාන්‍ය 1300CC එන්ජින් එකක් එක්ක ආපු මොඩල් එකට කිවේ ග්ලැන්සා S මොඩල් එක කියල… වඩාත් බලසම්පන්න 1300CC ටර්බෝචාර්ජ් එන්ජින් එකක් එක්ක ආපු මොඩල් එකේ නම ග්ලැන්සා V නමින් හැඳින්වුනා…

මේ ග්ලැන්සා S හා V මොඩල් දෙකේ එන්ජින් වල 6400rpm වලදී පිලිවෙලින් හොර්ස්පවර් 85ක් හා 138ක බලයන් ජනනය කරන්න හැකියාව තිබ්බ.. කුඩා සැහැල්ලු වාහනයක් වෙච්ච ස්ටාලට් එකට මේ තරම් බලසම්පන්න එන්ජින් තිබුණු නිසා මේ ග්ලැන්සා මාදිලිය වේගය ප්‍රියකරන තරුණ පරපුරේ සිහින වාහනය බවට පත් උනා…ග්ලැන්සා S එකට 0 ඉඳලා 100ට ස්පීඩ් කරන්න ගියේ තප්පර 11.9යි… වඩා බලසම්පන්න ග්ලැන්සා V මොඩල් එකට 0 ඉඳලා 100ට යන්න තප්පර 8.2ක් තරම් අඩු කාලයක් තමයි ගතවුනේ…

ග්ලැන්සා S
ග්ලැන්සා V

ඉතින් හැමදේකම වගේ ස්ටාලට් එකෙත් අවසානය 1999 ජුලි මාසෙදි සිද්ද උනා… ටොයෝටා කම්පනිය ස්ටාලට් නිෂ්පාදනය නවත්තලා ‘ටොයෝටා යාරිස්’ කියන මොඩල් එකට ස්ටාලට් එක අප්ග්‍රේඩ් කළා…

හැබැයි තවමත් ලංකාවේ පාරවල් වල ස්ටාලට් ඕන තරම් දකින්න ලැබෙනවා… හුරුබුහුටිබව, ඉන්ධන කාර්යක්ෂමතාවය, දැරිය හැකි මිල හා ග්ලැන්සා මොඩල් එකක් නම් ජවසම්පන්න වේගවත් බව වගේ හැමදේම ලබාදෙන ස්ටාලට් එක ලංකාවේ නම් තවමත් ඉතා ජනප්‍රිය වාහනයක් වෙනවා… අවුරුදු ගණනක් ගියත් වටිනාකම වැඩි මිසක් අඩු නොවන ලංකාවේ වෙළදපොල ජයගත්තු වාහනයක් බවට පත්වීමම ස්ටාලට් එකේ සුපිරි බවට හොඳ සාක්ෂියක්…